ඒ ඔටුනු වනාහි හේලෙම්ද ටෝබියාද යෙදායාද ශෙපනියාගේ පුත්‍රවූ හේන්ද උදෙසා සිහිවීමක් පිණිස ස්වාමීන්වහන්සේගේ මාළිගාවෙහි තිබෙයි.
මාක් 14:9 - Sinhala Revised Old Version සැබවක් නුඹලාට කියමි–ලොව මුළුල්ලේ ශුභාරංචිය ප්‍රකාශකරනු ලබන සෑම තැන්වලදීම මේ ස්ත්‍රිය කළ ක්‍රියාවත් ඈ ගැන සිහිවීමක් කොට කියනු ලබන්නේයයි කීසේක. Sinhala New Revised Version සැබැවින් ම මම ඔබට කියමි, සුබ අස්න ලොව පුරා දේශනා කරනු ලබන හැම තැන්හි ම මේ ස්ත්‍රියගේ මේ ක්‍රියාව ද ඇය ගැන සැමරුමක් වශයෙන් කියනු ලැබේ ය”යි වදාළ සේක. සිංහල කාලීන පරිවර්තනය සැබවින් ම මා ඔබට කියන්නේ, ලොව මුළුල්ලේ මේ ශුභාරංචිය ප්‍රකාශ කරන කොතැනක වුව ද, මැය සිහිපත් කරමින් ඇය කළ දෑ ගැන ද කියනු ලබනු ඇතැ” යි පැවසූ සේක. Sinhala New Revised Version 2018 සැබැවින් ම මම ඔබට කියමි, සුබ අස්න ලොව පුරා දේශනා කරනු ලබන හැම තැන්හි ම මේ ස්ත්‍රියගේ මේ ක්‍රියාව ද ඇය ගැන සැමරුමක් වශයෙන් කියනු ලැබේ ය”යි වදාළ සේක. |
ඒ ඔටුනු වනාහි හේලෙම්ද ටෝබියාද යෙදායාද ශෙපනියාගේ පුත්‍රවූ හේන්ද උදෙසා සිහිවීමක් පිණිස ස්වාමීන්වහන්සේගේ මාළිගාවෙහි තිබෙයි.
මෝසෙස් සහ පූජකවූ එලෙයාසර් සහස්‍රාධිපතීන්ගේද ශතාධිපතීන්ගේද රන් පිළිගෙන ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා සිහිකරවීමක් පිණිස සම්මුඛවීමේ කූඩාරමට ගෙනාවෝය.
රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය.
උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා ලොව මුළුල්ලේ ගොස් සකල ජනතාවට ශුභාරංචිය ප්‍රකාශකරන්න.