ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 14:68 - Sinhala Revised Old Version

නුමුත් ඔහු: නැත, නුඹ කියන දේ මා දන්නේවත් මට තේරෙන්නේවත් නැතැයි කියා පිට ශාලාවට ගියේය; එවිට කුකුළා හඬලීය. ඒ තරුණී ඔහු දැක:

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔහු අපලාප කරමින්, “ඔබ කියන දේ කුමක් දැ යි මම නොදනිමි, මට නොතේරේ” කියා නික්ම, ද්වාර මණ්ඩපයට ගියේ ය. එකල කුකුළා හැඬලී ය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

එහෙත් එය ප්‍රතික්ෂේප කළ පේතෘස්, “ඔබ කියන්නේ මොනවාදැයි මා දන්නේ නෑ. මට තේරෙන්නෙත් නෑ” යි පවසා, මැදුරේ දොරටුව වෙත ගියේ ය. එවිට කුකුළා හැඬලී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔහු අපලාප කරමින්, “ඔබ කියන දේ කුමක් දැ යි මම නොදනිමි, මට නොතේරේ” කියා නික්ම, ද්වාර මණ්ඩපයට ගියේ ය. එකල කුකුළා හැඬලී ය.

පරිච්ඡේදය බලන්න



මාක් 14:68
8 හුවමාරු යොමු  

පේතෘස් දුරින් උන්වහන්සේ පස්සේ උත්තම පූජකයාගේ මළුව දක්වා ගොස්, එහි ඇතුළේ සේවකයන් සමඟ ඉඳගන ගිනිතපිමින් හුන්නේය.


මොහු ඔවුන්ගෙන් එක්කෙනෙක්යයි ළඟ සිටියවුන්ට නැවතත් කියන්ට පටන්ගත්තාය.


නුමුත් ඔහු නැවතත්: නැතැයි කීවේය. ස්වල්ප වේලාවකට පසු නැවත ළඟ සිටිය අය: සැබෑවටම නුඹ ඔවුන්ගෙන් එක්කෙනෙක්ය; මක්නිසාද නුඹ ගලීලයෙක්යයි පේතෘස්ට කීවෝය.


එකෙණෙහිම කුකුළා දෙවෙනි වර හඬලීය. කුකුළා දෙවරක් හඬලන්ට පළමුවෙන් නුඹ මා අඳුනන්නේ නැත කියා තුන්වරක් කියන්නෙහියයි යේසුස්වහන්සේ තමාට කී වචනය පේතෘස් සිහිකොට, ඒ ගැන සිත සිතා හැඬුවේය.