Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මාක් 14:68 - සිංහල කාලීන පරිවර්තනය

68 එහෙත් එය ප්‍රතික්ෂේප කළ පේතෘස්, “ඔබ කියන්නේ මොනවාදැයි මා දන්නේ නෑ. මට තේරෙන්නෙත් නෑ” යි පවසා, මැදුරේ දොරටුව වෙත ගියේ ය. එවිට කුකුළා හැඬලී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

68 ඔහු අපලාප කරමින්, “ඔබ කියන දේ කුමක් දැ යි මම නොදනිමි, මට නොතේරේ” කියා නික්ම, ද්වාර මණ්ඩපයට ගියේ ය. එකල කුකුළා හැඬලී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

68 ඔහු අපලාප කරමින්, “ඔබ කියන දේ කුමක් දැ යි මම නොදනිමි, මට නොතේරේ” කියා නික්ම, ද්වාර මණ්ඩපයට ගියේ ය. එකල කුකුළා හැඬලී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

68 නුමුත් ඔහු: නැත, නුඹ කියන දේ මා දන්නේවත් මට තේරෙන්නේවත් නැතැයි කියා පිට ශාලාවට ගියේය; එවිට කුකුළා හඬලීය. ඒ තරුණී ඔහු දැක:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 14:68
8 හුවමාරු යොමු  

පේතෘස් මදක් දුරින් පැමිණ, උන්වහන්සේ පසුපසින් උත්තම පූජක මැදුරේ මිදුලට ඇතුළු වී, මුරකරුවන් සමඟ හිඳ, ගිනි තපිමින් සිටියේ ය.


සේවිකාව ඔහු දැක, “මේ මිනිහා ඔවුන්ගෙන් කෙනෙකැ” යි ළඟ සිටියවුනට නැවතත් කීවා ය.


එහෙත් ඔහු නැවතත් එය ප්‍රතික්ෂේප කළේ ය. මද වේලාවකට පසු, ළඟ සිටි අය පේතෘස් අමතමින්, “නුඹ ඔවුන්ගේම කෙනෙක් තමයි; මන්ද නුඹ ගලීලයෙකැ” යි කීහ.


එකෙණෙහිම කුකුළා දෙවන වරට හැඬලී ය. එකල, “කුකුළා දෙවරක් හඬලන්නට පෙර, තුන් වරක්ම ඔබ මා හඳුනන්නේ නැතැ” යි යේසුස්වහන්සේ තමාට කී හැටි සිහි කළ පේතෘස්, දැඩි සංවේගයෙන් වැලපුණේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්