මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය තාගේ හිස පොඩිකරන්නේය, තෝ ඔහුගේ විලුඹ පොඩිකරන්නෙහියයි කීසේක.
මාක් 12:7 - Sinhala Revised Old Version නුමුත් ඒ ගොවියෝ තමුන් අතරේ කථාකොට: මොහු උරුමක්කාරයාය; එන්න, ඔහු මරමු, Sinhala New Revised Version එහෙත්, ඒ ගොවීහු තමන් අතර කතා වී, ‘මේ උරුමක්කාරයා ය. එන්න, මොහු මරමු. එවිට උරුමය අප සතු වන්නේ ය’ කියා සිංහල කාලීන පරිවර්තනය “එහෙත් ඒ බදුකරුවෝ තමන් අතරේ කතා කරමින්, ‘මෙන්න උරුමක්කාරයා. එන්න; මොහු මරා දමමු! එවිට උරුමය අපට යැ’ යි කීහ. Sinhala New Revised Version 2018 එහෙත්, ඒ ගොවීහු තමන් අතර කතා වී, ‘මේ උරුමක්කාරයා ය. එන්න, මොහු මරමු. එවිට උරුමය අප සතු වන්නේ ය’ කියා |
මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය තාගේ හිස පොඩිකරන්නේය, තෝ ඔහුගේ විලුඹ පොඩිකරන්නෙහියයි කීසේක.
දැන් එන්න, ඔහු මරා වළක දමා චණ්ඩ මෘගයෙක් ඔහු කෑවේයයි කියමුව. එවිට ඔහුගේ ස්වප්නවලට කුමක් වන්නේදැයි බලමුයයි කීවෝය.
ඉශ්‍රායෙල්වරුන්ගේ මිදුම්කාරයාද ඔවුන්ගේ ශුද්ධ තැනන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයන් විසින් සුළුකරන්නාවූ, ජාතිය විසින් පිළිකුල්කරන්නාවූ, ආණ්ඩුකාරයන්ගේ සේවකයෙක්වූ තැනැත්තාට කථාකොට: විශ්වාසව සිටින්නාවූ, නුඹව තෝරාගත් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ නිසා රජවරු දැක නැගිටින්නෝය; අධිපතීහු නමස්කාරකරන්නෝයයි කියනසේක.
එකල හෙරොද් ශාස්ත්‍රවන්තයන් විසින් තමා රවටනු ලැබූ බව දැක, ඉතා උදහස්ව, ඔවුන්ගෙන් හරියාකාර දැනගත් කාලයේ හැටියට, මනුෂ්‍යයන් යවා, බෙත්ලෙහෙම්හිද එහි සියලු සීමාවලද සිටි දෑවුරුදු වයස්වූද ඊට බාලවූද සියලු පිරිමි දරුවන් මැරෙවුවේය.
ඵල නෙළන කාලය ළංවූ කල තමාට අයිති ඵල ලබාගන්නා පිණිස ඔහු තමාගේ දාසයන් ගොවීන් වෙතට යැවීය.
උන්වහන්සේ මේ උපමාව තමුන්ට විරුද්ධව කී බව ඔව්හු දැන උන්වහන්සේ අල්ලන්ට සෙවුවෝය. නුමුත් ඔව්හු සමූහයාට භයව සිටියෝය. ඔව්හු වනාහි උන්වහන්සේ අත්හැර ගියෝය.
ඔහුට තව එක්කෙනෙක් එනම් ප්‍රේමවන්ත පුත්‍රයෙක් සිටියේය. ඔවුන් මාගේ පුත්‍රයාට ගෞරව කරනවා ඇත කියා අන්තිමේදී ඔහුත් ඔවුන් වෙතට යැවීය.
දෙවියන්වහන්සේගේ නියමවූ මන්ත්‍රණය සහ පෙරදැනගැන්ම ලෙස භාරදෙනලදුව, නුඹලා ව්‍යවස්ථාව නොසලකන අය ලවා කුරුසියෙහි ඇණගස්වා මැරවුවහුය.
මේ නාමයෙන් නූගන්වන්ට නුඹලාට තදින් ආඥාකෙළෙමුව. එහෙත් නුඹලා නුඹලාගේ ඉගැන්වීමෙන් යෙරුසලම පුරවා, ඒ මනුෂ්‍යයාගේ ලේ අප පිට පමුණුවන්ට සාදන්නහුයයි ඔවුන්ට කීවේය.
නුඹලාගේ පියවරුන් පීඩා නොකළේ ප්‍රොපේතවරුන්ගෙන් කොයි තැනැත්තාටද? ඔව්හු ධර්මිෂ්ඨයාණන්ගේ ඊම පළමුවෙන් දැන්වූවන් මැරුවෝය; නුඹලා දැන් උන්වහන්සේව පාවාදෙන්නන්ද මරන්නන්ද වී සිටිති;
මේ දවස්වල කෙළවරදී තමන්වහන්සේගේ පුත්‍රයාණන් ලවා අපට කථාකෙරෙවුසේක. උන්වහන්සේව සියල්ලට උරුමක්කාරයා කළසේක, උන්වහන්සේ කරණකොටගෙන ලෝකවල් සෑදූසේක.