මාක් 11:29 - Sinhala Revised Old Version යේසුස්වහන්සේද ඔවුන්ට කියනසේක්: නුඹලාගෙන් එක් ප්‍රශ්නයක් අසමි, මට උත්තරදෙන්න, එවිට මම මේ දේවල් කරන්නේ මොන බලයක් පිටදැයි නුඹලාට කියන්නෙමි. Sinhala New Revised Version ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, “මමත් ඔබෙන් ප්‍රශ්නයක් අසමි. මට පිළිතුරු දෙන්න; එවිට මේ දේවල් කරන්නේ කවර බලයකින් දැ යි මම ඔබට කියන්නෙමි. සිංහල කාලීන පරිවර්තනය යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “මමත් ඔබෙන් එක ප්‍රශ්නයක් අහන්නම්; එයට පිළිතුරු දුන්නොත්, එවිට මේ දේවල් මා කරන්නේ කවර අධිකාරිත්වයකින් ද කියා ඔබට කියන්නම්; Sinhala New Revised Version 2018 ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, “මමත් ඔබෙන් ප්‍රශ්නයක් අසමි. මට පිළිතුරු දෙන්න; එවිට මේ දේවල් කරන්නේ කවර බලයකින් දැ යි මම ඔබට කියන්නෙමි. |
යේසුස්වහන්සේ උත්තරදෙමින්: මමත් නුඹලාගෙන් එක ප්‍රශ්නයක් අසමි-නුඹලා ඒක මට කියන්නහුනම් මමද මේ කාරණා අසවල් බලයෙන් කරමියි නුඹලාට එසේම කියන්නෙමි.
නුඹ කවර බලයක් පිට මේ දේ කරන්නෙහිද? නොහොත් මේ දේවල් කරන්ට මේ බලය නුඹට දුන්නේ කවුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.
යොහන්ගේ බව්තීස්මය වූයේ ස්වර්ගයෙන්ද නොහොත් මනුෂ්‍යයන්ගෙන්ද? මට උත්තරදෙන්නැයි ඔවුන්ට කීසේක.