Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 11:30 - Sinhala Revised Old Version

30 යොහන්ගේ බව්තීස්මය වූයේ ස්වර්ගයෙන්ද නොහොත් මනුෂ්‍යයන්ගෙන්ද? මට උත්තරදෙන්නැයි ඔවුන්ට කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 ජොහන් බව්තීස්ම-ස්නාපනය කිරීමේ බලය ලැබුවේ දෙවියන් වහන්සේගෙන් ද නැතහොත් මනුෂ්‍යයන්ගෙන් ද? මට පිළිතුරු දෙන්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

30 යොහන්ගේ බව්තීස්මය ස්වර්ගයෙන් ද? නැතිනම් මිනිසුන්ගෙන් ද? මට උත්තර දෙන්නැ!” යි කී සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 ජොහන් බව්තීස්ම-ස්නාපනය කිරීමේ බලය ලැබුවේ දෙවියන් වහන්සේගෙන් ද නැතහොත් මනුෂ්‍යයන්ගෙන් ද? මට පිළිතුරු දෙන්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 11:30
10 හුවමාරු යොමු  

නුමුත් නුඹලාට කියමි–එලියා ආවේමය, ඔහු ගැන ලියා තිබෙන ලෙසම ඔව්හු තමුන් කැමතිදේ ඔහුට කළෝයයි කීසේක.


යේසුස්වහන්සේද ඔවුන්ට කියනසේක්: නුඹලාගෙන් එක් ප්‍රශ්නයක් අසමි, මට උත්තරදෙන්න, එවිට මම මේ දේවල් කරන්නේ මොන බලයක් පිටදැයි නුඹලාට කියන්නෙමි.


ඔව්හු ඔවුනොවුන් අතරේ කථාකොට: ස්වර්ගයෙන්යයි කියමු නම්–ඔහු අදහා නොගත්තේ මක්නිසාදැයි අපට කියනවා ඇත.


ඉඳින් මා නුඹලාට කියන්නේ නම්, මේ මනුෂ්‍යයන්ගෙන් වැලකී ඔවුන්ට කිසිවක් නොකරන ලෙසය. මක්නිසාද මේ මන්ත්‍රණය හෝ මේ ක්‍රියාව මනුෂ්‍යයන්ගෙන් වී නම්, ඒක පෙරළාදමනු ලබන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්