යේසුස්වහන්සේ පේතෘස්ගේ ගෙට ඇතුල්වූ කල ඔහුගේ භාර්යාවගේ මවු උණ රෝගයෙන් ඔත්පළව ඉන්නවා දැක,
මාක් 1:30 - Sinhala Revised Old Version සීමොන්ගේ භාර්යාවගේ මවු උණෙන් ඔත්පළව සිටියාය. එකෙණෙහිම ඔව්හු ඈ ගැන උන්වහන්සේට කීවෝය. Sinhala New Revised Version සීමොන්ගේ භාර්යාවගේ මව උණෙන් ඔත්පළ ව සිටියා ය. ඔව්හු වහා ම ඇය ගැන උන් වහන්සේට දැන්වූ හ. සිංහල කාලීන පරිවර්තනය සීමොන්ගේ නැන්දණිය උණෙන් පෙළෙමින් ඇඳට වී සිටියා ය. එකෙණෙහි ඔවුහු ඈ ගැන උන්වහන්සේට කීහ. Sinhala New Revised Version 2018 සීමොන්ගේ භාර්යාවගේ මව උණෙන් ඔත්පළ ව සිටියා ය. ඔව්හු වහා ම ඇය ගැන උන් වහන්සේට දැන්වූ හ. |
යේසුස්වහන්සේ පේතෘස්ගේ ගෙට ඇතුල්වූ කල ඔහුගේ භාර්යාවගේ මවු උණ රෝගයෙන් ඔත්පළව ඉන්නවා දැක,
ඔව්හු සිනගෝගයෙන් පිටත්ව ආ කෙණෙහිම යාකොබ් සහ යොහන් සමඟ සීමොන්ගේද අන්දෘගේද ගෙදරට පැමිණියෝය.
උන්වහන්සේ ඇවිත් ඇගේ අත අල්ලා ඈ නැගිටෙවුසේක; එවිට උණරෝගය ඈ කෙරෙන් පහව ගියේය, ඈ ඔවුන්ට උපස්ථානකළාය.
මාගේ කුඩා දුව මරණාසන්නව සිටින්නීය. ඈ සුවවී ජීවත්වන පිණිස ඔබ ඇවිත් ඈ පිට අත් තැබුව මැනවයි උන්වහන්සේගෙන් බොහෝසෙයින් ඉල්ලුවේය.
එබැවින් ඔහුගේ සහෝදරියෝ: ස්වාමිනි, ඔබවහන්සේ ආදරේව සිටින තැනැත්තා රෝගීව සිටීයයි උන්වහන්සේට කියා යැවුවෝය.
අනික් ප්‍රේරිතයන්ද ස්වාමීන්වහන්සේගේ සහෝදරයන්ද කේපස්ද කරන්නාක්මෙන් ඇදහිලිවන්ත භාර්යාවක් කැඳවාගෙන හැසිරෙන්ට අපටත් අවසර නැද්ද?