Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 5:23 - Sinhala Revised Old Version

23 මාගේ කුඩා දුව මරණාසන්නව සිටින්නීය. ඈ සුවවී ජීවත්වන පිණිස ඔබ ඇවිත් ඈ පිට අත් තැබුව මැනවයි උන්වහන්සේගෙන් බොහෝසෙයින් ඉල්ලුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 “මගේ පුංචි දුව මරණාසන්න ව සිටියි. ඈ සුවය ලබා ජීවත් වන පිණිස, ඔබ අවුත් ඈ පිට අත තැබුව මැනවැ”යි උන් වහන්සේට ආයාචනා කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

23 උදක්ම අයදිමින්, “මගේ පුංචි දියණිය මරණාසන්නයි. ඇය සුවය ලබා, ජීවත් වන පිණිස පැමිණ, ඇය පිට ඔබේ අත් තැබුව මැනව” යි ඉල්ලී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 “මගේ පුංචි දුව මරණාසන්න ව සිටියි. ඈ සුවය ලබා ජීවත් වන පිණිස, ඔබ අවුත් ඈ පිට අත තැබුව මැනවැ”යි උන් වහන්සේට ආයාචනා කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 5:23
26 හුවමාරු යොමු  

එකෙණෙහිම ඈ කෙලින්වී, දෙවියන්වහන්සේට ප්‍රශංසාකළාය.


ඉර බසින කල අනේකාකාර රෝගවලින් පීඩිතවූ රෝගකාරයන් ඇති සියල්ලෝම උන්වහන්සේ වෙතට ඔවුන් ගෙනාවෝය; උන්වහන්සේ ඔවුන් එකිනෙකා පිට අත් තබා, ඔවුන් සුවපත් කළසේක.


සර්පයන් අල්ලාගන්නෝය, යම් මරණීය වස ජාතියක් බීවත් එයින් කිසිසේත් ඔවුන්ට අනතුරක් නොවන්නේය; ඔවුන් රෝගීන් පිට අත් තැබූ කල්හි, ඔව්හු සුවය ලබන්නෝයයි කීසේක.


තවද පබ්ලියස්ගේ පියා උණෙන් සහ රක්තාතිසාරයෙන් පීඩිතව ඔත්පළව උන්නේය. පාවුල් ඔහු උන් තැනට ගොස් යාච්ඤාකොට, ඔහු පිට අත් තබා, ඔහු සුවකෙළේය.


උන්වහන්සේ සිනගෝගයෙන් නැගිට ගොස් සීමොන්ගේ ගෙදරට ඇතුල්වූසේක. සීමොන්ගේ භාර්යාවගේ මවුට බලවත් උණරෝගයක් වැළඳී තිබුණේය; ඔව්හු ඈ උදෙසා උන්වහන්සේට කන්නලව් කළෝය.


උන්වහන්සේ අන්ධයා අතින් අල්ලා, ගමෙන් පිටතට ගෙනැවිත්, ඔහුගේ ඇස්වලට කෙළගසා, ඔහු පිට අත් තබා: ඔබට යමක් පෙනේදැයි ඔහුගෙන් ඇසූසේක.


එකල ඔව්හු වික්කල් බිහිරෙකු උන්වහන්සේ වෙතට ගෙනැවිත්, ඔහු පිට අත තබන ලෙස උන්වහන්සේගෙන් උදක්ම ඉල්ලුවෝය.


උන්වහන්සේ නුවර දොරටුවට ළංවූ කල, බලව, මළාවූ කෙනෙක් පිටතට ගෙනයනලද්දේය. ඔහු තමාගේ මවුගේ එකම පුත්‍රයාය, ඈ වැන්දඹුවක්ය. ඒ නුවර බොහෝ සෙනඟක් ඈ සමඟ ආවෝය.


ඔව්හු බොහෝ යක්ෂයන්ද දුරුකොට, බොහෝ ලෙඩුන් තෙලින් ආලේපකොට, සුවකළෝය.


උන්වහන්සේ අත දිගුකොට ඔහු පිට තබා: මම කැමැත්තෙමි; පවිත්‍රවෙන්නැයි කීසේක. එකෙණෙහිම ඔහු කුෂ්ඨයෙන් පවිත්‍රවිය.


එවිට ඔව්හු තමුන්ගේ විපතේදී ස්වාමීන්ට මොරගසති. උන්වහන්සේ ඔවුන්ගේ විපත්තිවලින් ඔවුන් ගළවනසේක.


තවද විපත්ති දවසේදී මට යාච්ඤාකරව; මම නුඹ මුදාහරින්නෙමි, නුඹ මට ගෞරවකරන්නෙහිය.


නුමුත් නාමන් කෝපව යන්ට ගියේය, හෙතෙම කියනුයේ: ඔහු පිටතට මා ළඟට ඇවිත් සිටගන, තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකර, කුෂ්ඨය මත්තෙහි තමාගේ අත වනා රෝගියා සුවකරනවා ඇතැයි සිතුවෙමි.


අනනියස් පිටත්ව ගොස්, ගෙට ඇතුල්වී, ඔහු පිට අත් තබා: සහෝදරවූ සාවුල්, නුඹ පෙනීම ලබන පිණිසද ශුද්ධාත්මයෙන් පූර්ණකරනු ලබන පිණිසද ස්වාමීන්වහන්සේ, එනම් නුඹ ආවාවූ මාර්ගයෙහිදී නුඹට පෙනුණාවූ යේසුස්වහන්සේ, මා එවූසේකැයි කීවේය.


ඔවුන් ප්‍රේරිතයන් ඉදිරියෙහි සිටෙවුවෝය. ඔව්හු යාච්ඤාකොට ඔවුන් පිට අත් තැබුවෝය.


එබැවින් ඔහුගේ සහෝදරියෝ: ස්වාමිනි, ඔබවහන්සේ ආදරේව සිටින තැනැත්තා රෝගීව සිටීයයි උන්වහන්සේට කියා යැවුවෝය.


උන්වහන්සේ ඔහු සමඟ වැඩියසේක; මහත් සමූහයක්ද උන්වහන්සේට තෙරපෙමින් උන්වහන්සේ අනුව ගියෝය.


ප්‍රේරිතයන් ඔවුන් කෙරෙහි අත් තැබූ කල, ඔවුන්ට ශුද්ධාත්මය ලැබුණේය.


මක්නිසාද ඔහු යාච්ඤාකරමින් සිටිනුයේ, තමාට පෙනීම ලැබෙන පිණිස අනනියස් නම් මනුෂ්‍යයෙක් පැමිණ තමා පිට අත් තබනවා දුටුවේයයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්