මතෙව් 7:23 - Sinhala Revised Old Version එවිට මම: කිසිකලෙකත් නුඹලා නොහැඳින්නෙමි. අධර්මිෂ්ඨකම් කරන්නෙනි, මා කෙරෙන් අහක්ව යන්නැයි ඔවුන්ට කියන්නෙමි. Sinhala New Revised Version එවිට මම, ‘කිසි කලක ඔබ නොහැඳින්නෙමි; දුදනෙනි, මා වෙතින් අහක් ව යන්නැ’යි ඔවුන්ට කියන්නෙමි.” සිංහල කාලීන පරිවර්තනය එවිට මම ඔවුන්ට ප්‍රකාශ කරන්නේ, ‘කිසි කල මා ඔබ දැන සිටියේ නැත. නොපනත්කම් කරන්නෙනි, මා වෙතින් ඉවත් වනු’ කියා ය. Sinhala New Revised Version 2018 එවිට මම, ‘කිසි කලක ඔබ නොහැඳින්නෙමි; දුදනෙනි, මා වෙතින් අහක් ව යන්නැ’යි ඔවුන්ට කියන්නෙමි.” |
අයුතුකම් කරන සියල්ලෙනි, මා කෙරෙන් පහව යව්; මක්නිසාද ස්වාමීන්වහන්සේ මාගේ විලාප ශබ්දය ඇසූසේක.
එවිට උන්වහන්සේ වම් පැත්තේ සිටින්නන්ට කියනසේක්: ශාපලත්තෙනි, මා කෙරෙන් පහව යක්ෂයාටත් ඔහුගේ දූතයන්ටත් සූදානම්කර තිබෙන සදාකාල ගින්නට යන්න.
ගෙයි ස්වාමීයා නැගිට දොර වැසුවායින් පසු, නුඹලා පිටත සිට දොරට තට්ටුකරන්ට පටන්ගෙන: ස්වාමීනි, අපට දොර ඇරිය මැනවයි කියන කල, උන්වහන්සේ උත්තරදෙමින්: නුඹලා කොතැනින් ආවාද කියා නොදනිමියි නුඹලාට කියන්නේය.
නුමුත් උන්වහන්සේ කථාකොට: නුඹලා කොතැනින් ආවාද කියා නොදනිමි; අයුතුකම් කරන සියල්ලෙනි, මා වෙතින් යන්නැයි කියන්නේය.
මම යහපත් බැටළු එඬේරාය; පියාණන්වහන්සේ මා අඳුනන්නාක්මෙන්ද, මා පියාණන්වහන්සේ අඳුනන්නාක්මෙන්ද, මම මාගේ බැටළුවන් අඳුනමි.
එසේද වුවත්: ස්වාමීන්වහන්සේ තමන්ගේ අය දන්නාසේකැයිද ස්වාමීන්වහන්සේගේ නාමය සඳහන්කරන සියල්ලෝ අධර්මිෂ්ඨකමින් පහවෙත්වායිද යන මුද්‍රාව ඇතුව දෙවියන්වහන්සේගේ ස්ථිර අත්තිවාරම පවත්නේය.
පිටත සිටින්නෝ නම් බල්ලෝද මායම්කාරයෝද වේශ්‍යාකම්කරන්නෝද මිනීමරන්නෝද රූප වඳින්නෝද බොරුවකට ප්‍රියවන්නාවූ, එය කරන්නාවූ සියල්ලෝද වෙති.