ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මතෙව් 6:16 - Sinhala Revised Old Version

තවද නුඹලා නිරාහාරයෙන් ඉන්න කල්හි වංචාකාරයන් මෙන් දුක්ඛිත මුහුණක් ඇතුව නොසිටින්න. ඔව්හු නිරාහාරයෙන් ඉන්න බව මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස තමුන්ගේ මුහුණු විරූප කරගනිති. සැබවක් නුඹලාට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“ඔබ උපවාස කරන කල කෛරාටිකයන් මෙන් දොම්නස් මුහුණු ඇති ව නොසිටින්න. තමන් උපවාස කරන බව මිනිසුන්ට පෙනෙන පිණිස ඔව්හු මුහුණු විරූප කරගනිති. සැබැවින් ම මම ඔබට කියමි; ඔවුන්ගේ පල විපාක දැනට ම ඔවුන්ට ලැබී ඇත.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

“ඔබ නිරාහාර ශීලයෙන් සිටින කල, කුහකයින් කරන්නා සේ, අඳුරු මුහුණින් යුතු නො වන්න. මන්ද තමන් නිරාහාරව සිටිනා බැව් පෙන්වීමට ඔවුහු වෙස් පෙරළා ගනිති. සත්තකින්ම මා ඔබට කියන්නේ, ඔවුන්ගේ ප්‍රති-විපාකය ඔවුන් ලබා ඇති බවයි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“ඔබ උපවාස කරන කල කෛරාටිකයන් මෙන් දොම්නස් මුහුණු ඇති ව නොසිටින්න. තමන් උපවාස කරන බව මිනිසුන්ට පෙනෙන පිණිස ඔව්හු මුහුණු විරූප කරගනිති. සැබැවින් ම මම ඔබට කියමි; ඔවුන්ගේ පල විපාක දැනට ම ඔවුන්ට ලැබී ඇත.

පරිච්ඡේදය බලන්න



මතෙව් 6:16
25 හුවමාරු යොමු  

එබැවින් දාවිත් ළදරුවා ගැන දෙවියන්වහන්සේට කන්නලව් කෙළේය; දාවිත් නිරාහාරව සිට ගෙට ඇතුල්වී රාත්‍රිය මුළුල්ලෙහි බිම වැතිර උන්නේය.


එවිට ඔහුගේ සේවකයෝ ඔහුට කථාකොට: ඔබ කළ මේ දේ මොකද? ළදරුවා ජීවත්ව සිටියදී ඔබ ඔහු ගැන නිරාහාරව ඇඬුවෙහිය; නුමුත් ළදරුවා මැරුණු විට ඔබ නැගිට කෑම කෑයෙහියයි කීවෝය.


ආහබ් ඒ වචන ඇසූ විට තමාගේ ඇඳුම් ඉරාගෙන, ඇඟේ මාංශයට ගෝණි රෙදි දමාගෙන නිරාහාරව ගෝණිරෙදි පිටින් නිදාගනිමින්, අවනත භාවයෙන් හැසුරුණේය.


මම ඒ වචන ඇසූ කල හිඳගෙන අඬා, කීප දවසක් වැලපී නිරාහාරව සිට, ස්වර්ගයේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි මෙසේ යාච්ඤාකෙළෙමි:


ගොස් ෂූෂන්හි සිටින සියලු යුදෙව්වරුන් රැස්කරවා, මා උදෙසා ඔවුන් සමඟ දවස් තුනක් රෑ දාවල් නොකා නොබී නිරාහාරව සිටින්න. මමත් මාගේ වැඩකාරියොත් එසේම නිරාහාරව ඉන්නෙමුව; එවිට නීතියට එකඟ නැති නුමුත් මම රජු ළඟට යන්නෙමි. මා නැතිවුණොත් නැතිවුණාවේ කියා කියන්ට කීවාය.


නිරාහාරව සිටීමෙන් මාගේ දණහිස් දුර්වලය; මාගේ මාංසයේ තරකමක් නැත.


මම වනාහි ඔවුන් රෝගාතුරවූ කල ගෝණිරෙදි ඇන්දෙමි. නිරාහාරව සිටීමෙන් මාගේ ආත්මයට පීඩාකරගතිමි; මාගේ යාච්ඤාවද මාගේම ළයට හැරී ආයේය.


මා ඇඬූ කලද නිරාහාරව සිටීමෙන් මාගේ ආත්මයට දුක් ඉපදවූ කලද එය මට නින්දාවක් විය.


එවිට මම නිරාහාරව, ගෝණි රෙදිද අලුද ඇතුව, යාච්ඤාවෙනුත් කන්නලව්වලිනුත් ස්වාමීවූ දෙවියන්වහන්සේ සොයන පිණිස මාගේ මුහුණ උන්වහන්සේ දෙසට හරවා,


නුඹලා කථාකොට: දෙවියන්වහන්සේට සේවයකිරීම නිෂ්ඵලය. අපි උන්වහන්සේගේ නියමය පවත්වා, සේනාවල ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශෝකලෙස හැසුරුණායින් ඇති වාසිය මොකද?


මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස ඔවුන් ඉදිරියෙහිදී නුඹලාගේ ධර්මිෂ්ඨ ක්‍රියා නොකරන්ට බලාගන්න. නැතහොත් ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේ වෙත නුඹලාට විපාකයක් ඇත්තේ නැත.


එබැවින් නුඹ දන්දෙන කල්හි මනුෂ්‍යයන්ගෙන් ප්‍රශංසා ලබන පිණිස සිනගෝගවලදීත් වීථිවලදීත් වංචාකාරයන් කරන්නාක්මෙන් ඔබට පෙරටුවෙන් හොරණෑවක් නොපිඹින්න. සැබවක් නුඹලාට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ.


තවද නුඹලා යාච්ඤාකරන කල්හි වංචාකාරයන් කරන්නාක්මෙන් නොකරන්න. මක්නිසාද මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස ඔව්හු සිනගෝගවලත් මංසන්ධිවලත් සිටගෙන යාච්ඤාකිරීමට සතුටුවෙති. සැබවක් නුඹලාට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ.


යොහන්ගේ ගෝලයෝද ඵරිසිවරුද නිරාහාරව සිටියෝය. ඔව්හු ඇවිත්: යොහන්ගේ ගෝලයන්ද ඵරිසිවරුන්ගේ ගෝලයන්ද නිරාහාරයෙන් සිටිද්දී ඔබගේ ගෝලයන් නිරාහාරයෙන් නොසිටින්නේ මක්නිසාදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.


සතියකට දෙවරක් නිරාහාරයෙන් සිටිමි; මට ලැබෙන සියල්ලෙන් දසයෙන් කොටස දෙමියි කීවේය.


අවුරුදු අසූහතරක්ම ඈ වැන්දඹුවක්ව සිටියාය; ඈ දේවමාළිගාවෙන් අහක්ව නොගොස්, රෑ දාවල් දෙක්හි නිරාහාරයෙන් ඉඳ යාච්ඤාකරමින් නමස්කාරකළාය.


එවිට කොර්නේලියස් කියනුයේ, සතර දවසකට පළමුවෙන් මේ පැය දක්වා, නවවෙනි පැයේදී මාගේ ගෙදර යාච්ඤාකරමින් සිටියෙමි; එවිට දිලියෙන වස්ත්‍ර ඇන්දාවූ මනුෂ්‍යයෙක් මා ඉදිරියෙහි සිට:


ඔව්හු සභාවක් සභාවක් පාසා ඔවුන්ට වැඩිමහල්ලන් පත්කොට, නිරාහාරයෙන් ඉඳ යාච්ඤා කොට, තමුන් අදහාගත් ස්වාමීන්වහන්සේට ඔවුන් භාරදී,


යාච්ඤාවේ යෙදීසිටීම පිණිස, දෙදෙනාගේ කැමැත්ත ඇතුව, කලකට වෙන්ව සිටිනවා මිස, නැත්නම් වෙන්ව නොසිටින්න. එසේ කළොත් නුඹලාගේ කාම ආශාව මැඩපවත්වාගන්ට බැරි නිසා, සාතන් නුඹලා පරීක්ෂා නොකරන පිණිස නැවත එක්වෙන්න.


වැඩ සහ වෙහෙසීම්වලටද, නොයෙක්විට නිදිමැරීමටද, ක්ෂුධාව සහ පිපාසයටද, නොයෙක්විට නිරාහාරව සිටීමටද, ශීතලයටද, නග්නභාවයටද පැමිණියෙමි.


පහරකෑම්වලින්ද හිරඅඩස්සිවීම්වලින්ද කෝලාහලවලින්ද වෙහෙසවලින්ද නිදිමැරීම්වලින්ද නිරාහාරව සිටීම්වලින්ද;