Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 21:27 - Sinhala Revised Old Version

27 ආහබ් ඒ වචන ඇසූ විට තමාගේ ඇඳුම් ඉරාගෙන, ඇඟේ මාංශයට ගෝණි රෙදි දමාගෙන නිරාහාරව ගෝණිරෙදි පිටින් නිදාගනිමින්, අවනත භාවයෙන් හැසුරුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 ආහබ් ඒ වචන ඇසූ විට ශෝකයෙන් තම ඇඳුම් ඉරාගෙන, ඇඟේ හමට ගෑවෙන පරිදි ගෝණි රෙදි දමාගෙන, නිරාහාර ව ගෝණි රෙදි පිට නිදාගනිමින් කලකිරුණ ස්වභාවයකින් හැසුරුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 ආහබ් ඒ වචන ඇසූ විට ශෝකයෙන් තම ඇඳුම් ඉරාගෙන, ඇඟේ හමට ගෑවෙන පරිදි ගෝණි රෙදි දමාගෙන, නිරාහාර ව ගෝණි රෙදි පිට නිදාගනිමින් කලකිරුණ ස්වභාවයකින් හැසුරුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 21:27
18 හුවමාරු යොමු  

එකල රජ පවුර පිට යමින් සිටියේය. ඔහු වනාහි ස්ත්‍රියගේ වචන අසා තමාගේ ඇඳුම් ඉරාගත්තේය. සෙනඟද බලා, ඔහු ඇඟ යටට ගෝණි රෙදි ඇඳ තිබෙනවා දුටුවෝය.


තවද යාකොබ් තමාගේ වස්ත්‍ර ඉරාගන, ගෝණි රෙදි තමාගේ ඉණේ බැඳගන, තමාගේ පුත්‍රයා නිසා බොහෝ දවස් වැලපුණේය.


දාවිත් යෝවාබ්ටත් ඔහු සමඟ සිටි මුළු සෙනඟටත් කථාකොට: නුඹලාගේ ඇඳුම් ඉරා, ගෝණි රෙදි ඇඳගන, අබ්නේර්ට පෙරටුවෙන් වැලපෙමින් යන්නැයි කීවේය. දාවිත් රජද දෙනය පස්සෙන් ගියේය.


පූජකයෙනි, ගෝණිරෙදි ඔතාගන විලාප කියන්න; පූජාසනයේ සේවකයෙනි, කෑමොරගසන්න; මාගේ දෙවියන්වහන්සේගේ සේවකයෙනි, ඇවිත් ගෝණිරෙදි පෙරවාගන මුළු රාත්‍රියෙහි වැතිර ඉඳින්න. මක්නිසාද ආහාර පූජාවද පාන පූජාවද නුඹලාගේ දෙවියන්වහන්සේගේ ගෘහයට නොපැමිණෙන්නේය.


මම කුමක් කියම්ද? උන්වහන්සේ මට වදාරා, උන්වහන්සේම ඉෂ්ටකළ සේක. මාගේ ආත්මයේ තද ශෝකය නිසා මාගේ සියලු අවුරුදුවල සන්සුන්කමින් යන්නෙමි.


ඒ දවසෙහි සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ ඇඬීමටත් වැලපීමටත් හිස මුඩුකරගන සිටීමටත් ගෝණිරෙදි ඇඳගැනීමටත් අඬගැසූසේක.


ගෝණි රෙදි මාගේ හම පිට මහගන, මාගේ ඇඟ දූවිල්ලෙහි දමාගන සිටිමි.


එවිට රජගෙදර ප්‍රධානියෝවූ හිල්කියාගේ පුත්‍රවූ එලියාකිම් නම් ගෘහාධිපතියාද ෂෙබ්නා ලේකම්ද වාර්තාකරුවා වන ආසාප්ගේ පුත්‍රවූ යෝවාද තමුන්ගේ ඇඳුම් ඉරාගෙන හෙසකියා ළඟට ඇවිත්, රබ්-ෂාකේගේ වචන ඔහුට දැන්නුවෝය.


ඒ ආරංචිය නිනිවයේ රජු වෙතට පැමුණුණු විට, හෙතෙම තමාගේ සිංහාසනයෙන් බැස, තමාගේ සළුව අහක තබා, ගෝණිරෙදි පෙරවාගෙන, අලු පිට හිඳගත්තේය.


තවද මාගේ සාක්ෂිකාරයන් දෙදෙනාට (බලය) දෙන්නෙමි, ඔව්හු එක්දහස් දෙසිය සැට දවසක් ගෝණිරෙදි හැඳ, අනාගතවාක්‍ය කියන්නෝයයි කීවේය.


එකල්හි ස්වාමීන්වහන්සේගේ වචනය තිෂ්බිය එලියා වෙතට පැමිණ:


හෙසකියා රජ ඒ අසා තමාගේ ඇඳුම් ඉරා, ගෝණි රෙදි පෙරවාගෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයට ඇතුල්වුණේය.


දාවිත් තමාගේ ඇස් ඔසවා ස්වාමීන්වහන්සේගේ දූතයා තමාගේ කඩුව ඇද යෙරුසලම කෙරෙහි දිගුකරගන පොළොවටත් අහසටත් අතරේ සිටිනවා දුටුවේය. එවිට ගෝණි රෙදි ඇඳගන සිටි දාවිත්ද වැඩිමහල්ලෝද මුහුණින් වැටුණෝය.


එහෙත් රජවත් මේ සියලු වචන ඇසූ ඔහුගේ සියලු සේවකයෝවත් බියපත් නුවූවෝය, තමුන්ගේ වස්ත්‍ර ඉරා නොගත්තෝය.


එවිට ඔවුන්ගේ ක්‍රියා–එනම් තමුන්ගේ නපුරු මාර්ගයෙන් ඔවුන් හැරුණු බව–දෙවියන්වහන්සේ දැක, ඔවුන්ට කරමියි කීවාවූ විපත්තිය ගැන තැවී, ඒක නොකළසේක.


සෙනඟ ඒ නපුරු ප්‍රවෘත්ති අසා වැලපුණෝය. කිසි මනුෂ්‍යයෙක්වත් තමාගේ ආභරණ පැළඳ නොගත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්