මතෙව් 6:14 - Sinhala Revised Old Version මක්නිසාද නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමාකරන්නහු නම්, නුඹලාගේ ස්වර්ගීයවූ පියාණන්වහන්සේ නුඹලාටත් කමාකරනසේක. Sinhala New Revised Version “ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වරද කමා කරන්නහු නම්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ ඔබටත් කමා කරන සේක. සිංහල කාලීන පරිවර්තනය අන් අයගේ වරදට ඔබ ඔවුනට කමා වන්නේ නම්, ඔබගේ ස්වර්ගීක පියාණන්වහන්සේ ඔබට කමා කරන සේක. Sinhala New Revised Version 2018 “ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වරද කමා කරන්නහු නම්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ ඔබටත් කමා කරන සේක. |
මක්නිසාද නුඹලා යම් විනිශ්චයකින් විනිශ්චයකරන්නහුද එයින්ම නුඹලාත් විනිශ්චයකරනු ලබන්නහුය. යම් මිම්මකින් නුඹලා මැනදෙන්නහුද එයින්ම නුඹලාටත් මැනදෙනු ලබන්නේය.
නුඹලා යාච්ඤාකරමින් සිටින කල ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේ නුඹලාගේ වරද නුඹලාට කමාවන පිණිස යමෙකුට විරුද්ධව යමක් නුඹලාට ඇත්නම් නුඹලාත් කමාවෙන්න.
විනිශ්චය නොකරන්න, එවිට නුඹලාත් විනිශ්චයකරනු නොලබන්නහුය. වරදට පත් නොකරන්න; එවිට නුඹලාත් වරදට පත්කරනු නොලබන්නහුය. මුදාහරින්න, එවිට නුඹලාත් මුදාහරිනු ලබන්නහුය.
නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට, ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ නුඹලාට කමාවුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමාවෙන්න.
එකිනෙකා ගැන ඉවසමින්, යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට කමාවෙන්න; ස්වාමීන්වහන්සේ නුඹලාට කමාවුණාක්මෙන් නුඹලාත් කරන්න.
මක්නිසාද දයාව නොපෙන්වූ තැනැත්තාට විනිශ්චය දයාව නැතුව පැමිණෙන්නේය. දයාව වනාහි විනිශ්චයට විරුද්ධව ජයනාදකරන්නේය.
ඔව්හු ගිලියද් දේශයෙහි රූබෙන් පුත්‍රයන්ද ගාද් පුත්‍රයන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද ළඟට අවුත් කථාකරමින්:
මෙයින් දෙවියන්වහන්සේගේ දරුවෝද යක්ෂයාගේ දරුවෝද ප්‍රකාශව සිටිති. ධර්මිෂ්ඨකම් නොකරන කවරෙක්වත් තමාගේ සහෝදරයාට ප්‍රේම නොකරන්නෙක්වත් දෙවියන්වහන්සේගෙන් නොවෙයි.