ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මතෙව් 5:28 - Sinhala Revised Old Version

නුමුත් මම නුඹලාට කියමි: ස්ත්‍රියෙකු දෙස රාගයෙන් බලන කවරෙක් නුමුත් එවේලේම ඈ සමඟ සිතින් කාමමිථ්‍යාචාරය කෙළේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත්, මම ඔබට කියමි, යමෙකු ස්ත්‍රියක දෙස කාමරාගයෙන් බැලූ කෙණෙහි ම ඔහු ඈ සමඟ සිතින් කාමමිථ්‍යාචාරය කර ඇත.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

එහෙත් මා ඔබට කියන්නේ, ස්ත්‍රියක දෙස රාගයෙන් බලන කවරකු වුව, ඒ වන විටත්, තම හදවතින් ඇය හා පරදාර සේවනයේ යෙදී ඇති වගයි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහෙත්, මම ඔබට කියමි, යමෙකු ස්ත්‍රියක දෙස කාමරාගයෙන් බැලූ කෙණෙහි ම ඔහු ඈ සමඟ සිතින් කාමමිථ්‍යාචාරය කර ඇත.

පරිච්ඡේදය බලන්න



මතෙව් 5:28
20 හුවමාරු යොමු  

එවිට දේශයේ අධිපතිවූ හිවීය හාමොර්ගේ පුත් ෂෙඛෙම් ඈ දුටුවේය; ඔහු ඈ රැගෙන ඈ සමඟ සයනය කොට ඈ අපවිත්‍ර කෙළේය.


දිනක් සවස් වේලාවේ දාවිත් තමාගේ යහනෙන් නැගිට රජගෙදර පියස්ස උඩ සක්මන්කෙළේය. එවිට ඔහු ස්ත්‍රියෙක් නානවා පියස්සේ සිට දුටීය. ඒ ස්ත්‍රී පෙනීමෙන් ඉතා ශෝභමාන වූවාය.


මාගේ ඇස් සමඟ ගිවිසුමක් කෙළෙමි; එබැවින් කන්‍යාවක් දෙස බලන්නේ කොහොමද?


මාගේ සිත ස්ත්‍රියෙක් කෙරෙහි ඇදීගියේ නම්, මම මාගේ අසල්වාසියාගේ දොරකඩ ළඟ රැක සිටියෙම් නම්,


සියලු සම්පූර්ණකමේ කෙළවර දුටිමි; එහෙත් ඔබගේ ආඥාව අති විශාලය.


නුඹේ අසල්වාසියාගේ ගෙට ආශා නොවව, නුඹේ අසල්වාසියාගේ භාර්යාවටවත් ඔහුගේ වැඩකරුවාටවත් ඔහුගේ වැඩකාරීටවත් ඔහුගේ ගවයාටවත් ඔහුගේ කොටළුවාටවත් නුඹේ අසල්වාසියාගේ කිසි දෙයකටවත් ආශා නොවවයි කීසේක.


ඇගේ රූපශ්‍රීයට නුඹේ සිතින් ආශානොවන්න; ඇගේ ඇසිපියවලින් ඈ නුඹ අසුකරනොගනීවා.


ඇගේ ඇස්වලින් ඈ දුටු විටම ඔවුන් කෙරෙහි ආලයවී කල්දියාවේ සිටිය ඔවුන් ළඟට පණිවිඩකාරයන් යැවුවාය.


නුඹේ අසල්වාසියාගේ භාර්යාව සමඟ නුඹ කිලුටු වන පිණිස ඈ සමඟ සංවාසය නොකළයුතුය.


මක්නිසාද නපුරු සිතිවිලි, මිනීමැරුම්, කාමමිථ්‍යාචාරකම්, වේශ්‍යාකම්, සොරකම්, බොරු සාක්ෂිකීම් සහ අපහාසකිරීම් සිතින් නික්මෙන්නේය.


නුමුත් මම නුඹලාට කියමි: තමාගේ සහෝදරයාට කෝපවෙන කවරෙක් නුමුත් විනිශ්චයට සුදුස්සෙක් වන්නේය. තමාගේ සහෝදරයාට රකායයි කියන කවරෙක් නුමුත් මන්ත්‍රණ සභාවෙන් දඬුවම් ලබන්ට සුදුස්සෙක් වන්නේය, නුඹ ජඩයායයි කියන කවරෙක් නුමුත් නිරාගින්නට සුදුස්සෙක් වන්නේය.


නුමුත් මම නුඹලාට කියමි: නපුරු අය සමඟ පොරට නොසිටින්න. යමෙක් නුඹේ දකුණු කම්මුලට ගැසී නම් ඔහුට අනික් කම්මුලද හරවන්න.


මක්නිසාද ව්‍යවස්ථාව ආත්මික බව අපි දනිමුව. නුමුත් මම මාංසිකව පාපයට විකුණනු ලැබ සිටිමි.


පුරුෂයෙකුට සරණපාවාදී සිටින ස්ත්‍රියෙක් සමඟ මනුෂ්‍යයෙක් සයනය කරනවා සම්බවුණොත් ස්ත්‍රිය සමඟ සයනයකළ මනුෂ්‍යයාත් ස්ත්‍රීන් දෙදෙනාම මරනු ලබන්නෝය. මෙසේ නුඹ ඉශ්‍රායෙල් කෙරෙන් දුෂ්ටකම පහකරන්න.


ඔව්හු කාමමිථ්‍යාචාරයෙන් පිරුණාවූ, පාපයෙන් වලකින්ට නුපුළුවන් ඇස් ඇත්තෝය; ඔව්හු අස්ථිර ආත්ම පොලඹවන්නෝය; තණ්හාවට පුරුදු සිතක් ඇත්තෝය; ශාපයේ දරුවෝය;


මක්නිසාද ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් පියාණන්වහන්සේගෙන් නොව ලෝකයෙන් වේ.