එවිට සොරු දෙදෙනෙක්, එක්කෙනෙක් දකුණු පැත්තෙහිද එක්කෙනෙක් වම් පැත්තෙහිද, උන්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබුවෝය.
එවිට සොරු දෙදෙනෙක්, එක් කෙනෙක් දකුණු පසෙහි ද එක් කෙනෙක් වම් පසෙහි ද උන් වහන්සේ හා සමඟ කුරුසියෙහි ඇණ ගසනු ලැබූ හ.
සොරුන් දෙදෙනෙක් ද එකකු උන්වහන්සේගේ දකුණු පසින් හා අනෙකා උන්වහන්සේගේ වම් පසින් සිටින සේ එහි උන්වහන්සේ සමඟ කුරුසිපත් කළහ.
එබැවින් මම බොහෝ දෙනෙකු අතරෙහි උන්වහන්සේට කොටසක් බෙදාදෙන්නෙමි, බලවන්තයන් සමඟද උන්වහන්සේ කොල්ලය බෙදාගන්නවා ඇත; මෙසේ වන්නේ තමන් ප්‍රාණය මරණයට වගුරුවා දී, වරදකාරයන් සමඟ ගණන්ගනු ලැබ, උන්වහන්සේම බොහෝ දෙනෙකුගේ පාප උසුලාගත් නිසාය, වරදකාරයන් උදෙසාද උන්වහන්සේ මැදහත්කම්කරනසේක.
තවද; මොහු යුදෙව්වරුන්ගේ රජවූ යේසුස්ය කියා උන්වහන්සේගේ වරද ලියා උන්වහන්සේගේ හිසට උඩින් තැබුවෝය.
මග යන්නෝ තමුන්ගේ හිස් වන වනා උන්වහන්සේට නින්දාකරමින්:
උන්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනලද්දාවූ සොරුද එසේම උන්වහන්සේට නින්දාකළෝය.
ඔව්හු සොරු දෙදෙනෙකු, එක්කෙනෙකු උන්වහන්සේගේ දකුණු පැත්තෙහිද එක්කෙනෙකු වම් පැත්තෙහිද උන්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගැසුවෝය.
මක්නිසාද නුඹලාට කියමි–උන්වහන්සේ අපරාධකාරයන් සමඟ ගණන්ගනු ලැබූසේකැයි ලියා තිබෙන මේ දේ මා කෙරෙහි සම්පූර්ණවිය යුතුය; මක්නිසාද මා ගැන ලියා තිබෙන දේ සම්පූර්ණවන්නේයයි කීසේක.
එහිදී ඔව්හු උන්වහන්සේව කුරුසියෙහි ඇණගැසුවෝය; මැද්දේ උන්වහන්සේද උන්වහන්සේ සමඟ දෙපැත්තේ තවත් දෙදෙනෙක්ද කුරුසිවල ඇණගැසුවෝය.