මක්නිසාද මේ සෙනඟට මග පෙන්වන්නෝ ඔවුන් මුළාකරවති; ඔවුන් විසින් ගෙනයනු ලබන්නෝද නාස්තිවෙති.
මතෙව් 23:24 - Sinhala Revised Old Version අන්ධවූ මගපෙන්වන්නෙනි, නුඹලා මදුරුවා බේරාදමා ඔටුවා ගිලගන්නහුය. Sinhala New Revised Version අන්ධ මාර්ගෝපදේශකයෙනි, ඔබ කෝඳුරුවා පෙරාදමා ඔටුවා ගිල දමන්නහු ය. සිංහල කාලීන පරිවර්තනය මගපෙන්වන අන්ධයිනි, නුඹලා කෝඳුරුවා පෙරා හැර, ඔටුවා ගිල දමති. Sinhala New Revised Version 2018 අන්ධ මාර්ගෝපදේශකයෙනි, ඔබ කෝඳුරුවා පෙරාදමා ඔටුවා ගිල දමන්නහු ය. |
මක්නිසාද මේ සෙනඟට මග පෙන්වන්නෝ ඔවුන් මුළාකරවති; ඔවුන් විසින් ගෙනයනු ලබන්නෝද නාස්තිවෙති.
ඔව්හු නිකම් සිටිත්වා. ඔව්හු මග පෙන්වන අන්ධයෝය. අන්ධයෙක් අන්ධයෙකුට මග පෙන්වමින් යතොත් දෙදෙනාම වළක වැටෙනවා ඇතැයි කීසේක.
නැවතත් නුඹලාට කියමි-ධනවන්තයෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වෙනාවට වඩා ඔටුවෙකුට ඉදිකටුවක සිදුරෙන් යන්ට පහසුයයි කීසේක.
අන්ධවූ මග පෙන්වන්නෙනි, නුඹලාට දුක්වේ! මක්නිසාද: යමෙක් දේවමාළිගාව ගැන දිවුළොත් එයින් කාරියක් නැත කියාද යමෙක් දේවමාළිගාවේ රන් ගැන දිවුළොත් ඔහු බැඳී සිටීය කියාද නුඹලා කියන්නෝය.
නොහොත් නුඹේම ඇසේ දැවය තිබියදී, සහෝදරයාට කථාකොට: නුඹේ ඇසේ තිබෙන රොඩ්ඩ පහකරන්ට අවසර දෙන්නැයි ඔහුට කෙසේ කියන්නෙහිද?
එවිට ඔව්හු යේසුස්වහන්සේ කායාඑස් කෙරෙන් ප්‍රේතෝරියම් ශාලාවට ගෙනගියෝය. එය අලුයම් වේලාවය; ඔව්හු, අපවිත්‍ර නොවී පාස්කුව කන්ට හැකිවන පිණිස, ප්‍රේතෝරියම් ශාලාවට ඇතුල් නූණෝය.