ගන්ධරස හා තුවරලාවලත් වෙළෙන්දාගේ සියලු කුඩුවලත් සුවඳින් යුක්තව, දුම් කණු මෙන් කාන්තාරයෙන් නැගීඑන මේ තැනැත්තිය කවුද?
මතෙව් 21:10 - Sinhala Revised Old Version උන්වහන්සේ යෙරුසලමට ඇතුල්වූ කල මුළු නුවර කැලඹී: මේ කවුදැයි කීවෝය. Sinhala New Revised Version උන් වහන්සේ ජෙරුසලමට පිවිසි කල, මුළු නුවර වැසියෝ කැළඹී, “මේ කවරෙක් දැ”යි ඇසූ හ. සිංහල කාලීන පරිවර්තනය උන්වහන්සේ යෙරුසලමට ඇතුල් වූ කල, මුළු මහත් පුරවරයම කැලඹී, “මේ කවුරු දැ?” යි විමසූහ. Sinhala New Revised Version 2018 උන් වහන්සේ ජෙරුසලමට පිවිසි කල, මුළු නුවර වැසියෝ කැළඹී, “මේ කවරෙක් දැ”යි ඇසූ හ. |
ගන්ධරස හා තුවරලාවලත් වෙළෙන්දාගේ සියලු කුඩුවලත් සුවඳින් යුක්තව, දුම් කණු මෙන් කාන්තාරයෙන් නැගීඑන මේ තැනැත්තිය කවුද?
ඒදොමේ සිට දීප්තිමත් රතු ඇඳුම් ඇතුව, තමාගේ වස්ත්‍රවලින් ඉසුරුමත්ව, තමාගේ මහත් බලයෙන් ගමන්කොට, බොශ්රායෙන් එන්නාවූ මේ තෙම කවුද? ධර්මිෂ්ඨකමින් කථාකරන්නාවූ ගළවන්ට බලවත්වූ මමය.
පෙර පසුව ගිය සමූහයෝ: දාවිත්ගේ පුත්‍රයාට හෝසන්නාය කියාත්, ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තේ ආශීර්වාදලද්දේය කියාත්, ඉතා උස්තැන්හි හෝසන්නාය කියාත් මොරගැසුවෝය.
නුඹ මේ දේ කරන්නේ මොන බලයකින්ද? නොහොත් මේ බලය නුඹට දුන්නේ කවුදැයි අපට කියන්නැයි උන්වහන්සේට කීවෝය.
එවිට ලියන්නෝද ඵරිසිවරුද: දෙවියන්වහන්සේට අපහාස වචන කියන මොහු කවුද? පව් කමාකරන්ට දෙවියන්වහන්සේට මිස වෙන කාට පුළුවන්දැයි කල්පනාකරන්ට පටන්ගත්තෝය.
උන්වහන්සේ සමඟ කෑමට හිඳගන උන් අය: පව්කමාව පවා දෙන මොහු කවුදැයි තමුන් තුළ කියාගන්ට පටන්ගත්තෝය.
එවිට හෙරොද් කථාකොට: මම යොහන්ගේ හිස කැප්පවීමි. නුමුත් මා අසන මෙබඳු දේ කරන තැනැත්තා කවුදැයි කීවේය. ඔහු උන්වහන්සේ දකින්ට සෙවීය.
එකල යුදෙව්වරු: නුඹ මේ දේවල් කරන බැවින් මොන ලකුණක් අපට පෙන්වන්නෙහිදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.
මෙසේ ඔවුන් දෙදෙනා බෙත්-ලෙහෙමට පැමිණෙන තුරු ගමන්කළෝය. තවද ඔවුන් බෙත්-ලෙහෙමට පැමුණුණු කල මුළු නුවර ඔවුන් ගැන කැලඹී, ස්ත්‍රීහු කථාකොට: මේ නායොමිදැයි කීවෝය.
සාමුවෙල් ස්වාමීන්වහන්සේ කී දේ කොට බෙත්-ලෙහෙමට ආයේය. එවිට නුවර වැඩිමහල්ලෝ වෙවුලමින් ඔහු සම්මුඛවෙන්ට අවුත්: ඔබ එන්නේ සමාදානයෙන්දැයි ඇසූහ.