Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 20:2 - Sinhala Revised Old Version

2 නුඹ මේ දේ කරන්නේ මොන බලයකින්ද? නොහොත් මේ බලය නුඹට දුන්නේ කවුදැයි අපට කියන්නැයි උන්වහන්සේට කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 “ඔබ මේ දේවල් කරන්නේ කුමන අධිකාරී බලයකින් ද නොහොත් මේ අධිකාරී බලය ඔබට පැවරුවේ කවරෙක් දැ යි අපට කියන්නැ”යි උන් වහන්සේට කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

2 උන්වහන්සේට කතා කොට, “ඔබ මේ දේවල් කරන්නේ කවර අධිකාරී බලයකින් ද? ඔබට මේ බලය දුන්නේ කවුරුන්දැයි අපට කියන්නැ” යි කීහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 “ඔබ මේ දේවල් කරන්නේ කුමන අධිකාරී බලයකින් ද නොහොත් මේ අධිකාරී බලය ඔබට පැවරුවේ කවරෙක් දැ යි අපට කියන්නැ”යි උන් වහන්සේට කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 20:2
13 හුවමාරු යොමු  

නුමුත් තමාගේ අසල්වාසියාට අයුක්තිය කළ අය ඔහු නෙරපා: අප කෙරෙහි නුඹ අධිපතියෙක් හා විනිශ්චයකාරයෙක්ද කොට පත්කළේ කවුද?


එකල යුදෙව්වරු: නුඹ මේ දේවල් කරන බැවින් මොන ලකුණක් අපට පෙන්වන්නෙහිදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.


එවිට හෙතෙම අප කෙරෙහි අධිපතියෙක්ද විනිශ්චයකාරයෙක්ද කොට නුඹ පත්කළේ කවුද? නුඹ මිසරයා මැරුවාක් මෙන් මාත් මරන්ට සිතන්නෙහිදැයි කීය. එවිට මෝසෙස් භයව: සැබවින්ම මේ කාරණය එළදරව්වී තිබේයයි කීවේය.


තදවූ කුලල් ඇත්තෙනි, සිතින්ද කන්වලින්ද අචර්මඡේදිතයෙනි, නුඹලා නිතරම ශුද්ධාත්මයාණන්ට විරුද්ධව සිටිහුය. නුඹලාගේ පියවරුන් කළාක් මෙන් නුඹලාත් කරහුය.


තවද උන්වහන්සේ ඒ දවස්වලින් එකකදී දේවමාළිගාවේ සෙනඟට උගන්වමින්, ශුභාරංචිය දේශනාකරමින් සිටියදී, නායක පූජකයෝද ලියන්නෝද වැඩිමහල්ලන් සමඟ උන්වහන්සේ ළඟට පැමිණ කථාකොට:


උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මමත් නුඹලාගෙන් ප්‍රශ්නයක් අසමි; ඒක මට කියන්න:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්