ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මතෙව් 20:3 - Sinhala Revised Old Version

ඔහු තුන්වෙනි පැය පමණේදීත් පිටත්ව ගොස්, වෙළඳාම්පළේ නිකම් සිටින තවත් අය දැක:

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

උදේ නවයට පමණ ඔහු පිටත් ව ගොස්, කඩමණ්ඩියේ වැඩක් නැති ව සිටි තවත් අය දැක,

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

“තුන් වන පැයේ පමණ පිටතට ගිය ඔහු වැඩක් නැතිව කඩ-මණ්ඩියේ සිටගෙන සිටි තවත් අය දැක,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

උදේ නවයට පමණ ඔහු පිටත් ව ගොස්, කඩමණ්ඩියේ වැඩක් නැති ව සිටි තවත් අය දැක,

පරිච්ඡේදය බලන්න



මතෙව් 20:3
12 හුවමාරු යොමු  

අලසකම තද නින්දට පමුණුවයි; කම්මැළි තැනැත්තේ බඩගිනි විඳියි.


මෙන්න, නුඹේ සහෝදරීවූ සොදොමේ වරද මෙසේය; උඩඟුකමත් කෑම පූර්ණකමත් නොසැලකිලි නිශ්චලකමත් ඈට සහ ඇගේ දූවරුන්ටත් තිබුණේය; ඈ අසරණයාගේද දිළින්දාගේද අත බලවත් නොකළාය.


ඔහු දවසකට මස්සක් බැගින් දෙන ලෙස වැඩකාරයන් සමඟ පොරොන්දුව, තමාගේ මිදිවත්තට ඔවුන් යැවීය.


නුඹලාත් මිදිවත්තට යන්න, ලැබිය යුතු කුලිය නුඹලාට දෙමියි කීවේය. ඔව්හුද ගියෝය.


එය තුන්වෙනි පැය විය, ඔව්හු උන්වහන්සේ කුරුසියෙහි ඇණ ගැසුවෝය.


නුමුත් ඇගේ ස්වාමිවරු තමුන්ගේ ලාභ ලැබීමේ බලාපොරොත්තුව නැතිවූ බව දැක, පාවුල් සහ සීලස් අල්ලා වෙළඳාම්පළට ඇදගන ගොස්,


මක්නිසාද දැනට දවල් තුන්වෙනි පැය පමණක් බැවින් නුඹලා සිතන්නා සේ මොවුන් මත්වෙලා නොවේ.


ඇරත් ඔව්හු ගෙයින් ගෙට ඇවිදිමින් කම්මැළිවෙන්ටත් ඉගෙනගනිති; කම්මැළිවෙනවා පමණක් නොව නුසුදුසු දේ කථාකරමින්, වාචාලියෝද අනුන්ගේ කාරණා සොයන්නෝද වෙති.


ඒ වනාහි නුඹලා අලස නොවී, ඇදහිල්ලද ඉවසිලිවන්තකමද කරණකොටගෙන පොරොන්දු උරුමකරගන සිටින්නන්ගේ අඩිපාරේ යන්නන් වෙන පිණිසය.