නුමුත් ස්වාමීන්වහන්සේ ආබ්‍රහම්ද ඊසාක්ද යාකොබ්ද සමඟ කළ තමන්ගේ ගිවිසුම නිසා ඔවුන්ට කරුණාකොට, ඔවුන් කෙරෙහි අනුකම්පාකොට, ඔවුන් සැලකූසේක. උන්වහන්සේ ඔවුන් නැතිකරන්ට අකැමැතිව, ඒ වන තුරු ඔවුන් තමන් ඉදිරියෙන් අහක නොදමා සිටිසේක.
විලාප ගී 3:32 - Sinhala Revised Old Version උන්වහන්සේ ශෝකය පමුණුවන නුමුත්, තමන්ගේ බොහෝවූ කරුණාව ලෙස අනුකම්පාකරනසේක. Sinhala New Revised Version එතුමාණන් ශෝකය පමුණුවන නමුත්, තමන්ගේ ඉමහත් කරුණාව ලෙස අනුකම්පා ද කරන සේක. Sinhala New Revised Version 2018 එතුමාණන් ශෝකය පමුණුවන නමුත්, තමන්ගේ ඉමහත් කරුණාව ලෙස අනුකම්පා ද කරන සේක. |
නුමුත් ස්වාමීන්වහන්සේ ආබ්‍රහම්ද ඊසාක්ද යාකොබ්ද සමඟ කළ තමන්ගේ ගිවිසුම නිසා ඔවුන්ට කරුණාකොට, ඔවුන් කෙරෙහි අනුකම්පාකොට, ඔවුන් සැලකූසේක. උන්වහන්සේ ඔවුන් නැතිකරන්ට අකැමැතිව, ඒ වන තුරු ඔවුන් තමන් ඉදිරියෙන් අහක නොදමා සිටිසේක.
මක්නිසාද පොළොවට උඩින් අහස උස්ව තිබෙන්නාක්මෙන් උන්වහන්සේ කෙරෙහි භය ඇත්තන්ට උන්වහන්සේගේ කරුණාව මහත්ය.
මක්නිසාද උන්වහන්සේගේ උදහස ඇසිල්ලකට පමණය; උන්වහන්සේගේ කරුණාව දිවිහිම් කොටය. රාත්‍රියේ හැඬීම පවතින නුමුත්, උදය ප්‍රීතිය පැමිණෙන්නේය.
නුමුත් අනුකම්පාවෙන් යුක්තවූ උන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම කමා කළසේක, ඔවුන් විනාශ නොකළ සේක. එසේය, උන්වහන්සේ නොයෙක්විට තමන්ගේ කෝපය ඉවත හරවා, තමන්ගේ මුළු උදහස ඇවිස්සෙන්ට නුදුන්සේක.
ඉක්බිති කල් යාමේදී මිසරයේ රජ මළේය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ වහල්වැඩ නිසා සුසුම්ලමින් මොරගැසුවෝය. වහල් වැඩ නිසා ඔවුන්ගේ මොරගැසීම දෙවියන්වහන්සේ වෙතට පැමුණුණේය.
තවද ස්වාමීන්වහන්සේ කථාකොට: මිසරයේ වසන මාගේ සෙනඟගේ පීඩාව සැබවින්ම දුටිමි, ඔවුන්ගේ විධානවරුන් නිසා ඇති ඔවුන්ගේ මොරගැසීම ඇසීමි; මක්නිසාද ඔවුන්ගේ දුක් දනිමි;
ඈ අහකට ඇරීමෙන් ඔබ මදක් ඈට දඬුවම්කරනසේක; පෙරදිගින් හුළඟ ගසන දවසේදී උන්වහන්සේ තමන්ගේ තද හුළඟින් ඈ පහකළසේක.
එප්‍රායිම් මාගේ ප්‍රිය පුත්‍රයාද? ඔහු ප්‍රසන්නවූ දරුවෙක්ද? මක්නිසාද මම ඔහුට විරුද්ධව කථාකරන සෑම විටම ඔහු නැවත සිහිකරමි. එබැවින් මාගේ හෘදය ඔහු ගැන කම්පාවන්නේය; සැබවින්ම ඔහුට අනුකම්පාකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
අප විනාශ නූණේ ස්වාමීන්වහන්සේගේ කරුණාවල් නිසාත් උන්වහන්සේගේ අනුකම්පාවල් නොනවතින නිසාත්ය.
එප්‍රායිම්, මම කෙසේ නුඹ අත්හරින්නෙම්ද? ඉශ්‍රායෙල්, නුඹ කෙසේ පාවාදෙන්නෙම්ද? කෙසේ අද්මාට මෙන් නුඹට කරන්නෙම්ද? කෙසේ නුඹව ශෙබොයිම්ට සමකරන්නෙම්ද? මාගේ සිත මා තුළ හැරී, මාගේ අනුකම්පාව මුළුමනින්ම ඇවිළී තිබේ.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔවුන් සම්පූර්ණව එපමණ වැඩිව සිටින නුමුත් ඔවුන් එසේ කපාදමනු ලැබ, ඔහුද පහවීයන්නේය. [යූදා,] මම නුඹට පීඩාකළ නුමුත් තවත් නුඹට පීඩා නොකරන්නෙමි.
නැගිට තමාගේ පියා ළඟට ගියේය. ඔහු දුර සිටියදීම ඔහුගේ පියා ඔහු දැක, අනුකම්පාවී, දුවගන ගොස්, ඔහුගේ බෙල්ල වැළඳගෙන, ඔහු සිඹගත්තේය.
එවිට ඔව්හු තමුන් අතරෙන් අන් දෙවිවරුන් පහකරදමා ස්වාමීන්වහන්සේට සේවයකළෝය. උන්වහන්සේගේ ආත්මය ඉශ්‍රායෙල්ගේ කාලකණ්ණිකම ගැන ශෝකවූයේය.