විලාප ගී 3:15 - Sinhala Revised Old Version උන්වහන්සේ තික්ත රසයෙන් මා පුරවා, මට කොසඹ පෙවූසේක. Sinhala New Revised Version එතුමාණෝ තිත්ත වේදනාවෙන් මා පුරවා මට කොසඹ පෙවූ සේක. Sinhala New Revised Version 2018 එතුමාණෝ තිත්ත වේදනාවෙන් මා පුරවා මට කොසඹ පෙවූ සේක. |
එබැවින් ප්‍රොපේතවරුන් ගැන සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම ඔවුන්ට කොසඹ ඵල කවන්නෙමි, වසදිය පොවන්නෙමි. මක්නිසාද යෙරුසලමේ ප්‍රොපේතවරුන්ගෙන් දූෂිතය දේශය මුළුල්ලෙහි පැතිර ගියේය.
නුඹ ඔවුන්ට කථාකොට: නුඹලා බී මත්වී වමනයකොට, මා විසින් නුඹලා අතරට එවන කඩුව නිසා වැටී නොනැගිට සිටින්නය කියා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්න.
නුඹේ මාර්ගයත් නුඹේ ක්‍රියාවලුත් නිසා මේවා නුඹට පැමිණියේය; මෙය නුඹේ දුෂ්ටකමය; මක්නිසාද ඒක තික්තය, නුඹේ සිතටම වදින්නේය.
එහි නොහැසිර, තමුන්ගේ සිතේ මුරණ්ඩුකමේ හැටියටත් ඔවුන්ගේ පියවරුන් ඔවුන්ට ඉගැන්නූ ලෙස බාල් දේවතාවුන් පස්සෙත් ගිය නිසායයි කියනසේක.
එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම මොවුන්ට, එනම් මේ සෙනඟට කොසඹ ඵල කවන්නෙමි, වසදිය පොවන්නෙමි.
ඈද: මට නායොමියයි නොකියා මාරායයි කියන්න. මක්නිසාද සර්වපරාක්‍රමයාණන්වන්සේ මා අති තික්තකමට පැමිණෙවූසේක.