Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රූත් 1:20 - Sinhala Revised Old Version

20 ඈද: මට නායොමියයි නොකියා මාරායයි කියන්න. මක්නිසාද සර්වපරාක්‍රමයාණන්වන්සේ මා අති තික්තකමට පැමිණෙවූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 ඈ උත්තර දෙමින් මෙසේ කීවා ය: “මට වාසනාවන්තී යන අර්ථය ඇති නයෝමි යයි තවත් නොකියන්න; කාලකණ්ණි යන අර්ථය ඇති මාරා යයි කියන්න. මන්ද, සර්ව පරාක්‍රමයාණන් මට තදබල ලෙස දඬුවම් කර ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 ඈ උත්තර දෙමින් මෙසේ කීවා ය: “මට වාසනාවන්තී යන අර්ථය ඇති නයෝමි යයි තවත් නොකියන්න; කාලකණ්ණි යන අර්ථය ඇති මාරා යයි කියන්න. මන්ද, සර්ව පරාක්‍රමයාණන් මට තදබල ලෙස දඬුවම් කර ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රූත් 1:20
16 හුවමාරු යොමු  

මක්නිසාද සර්වපරාක්‍රමයාණන්ගේ ඊ ගස් මා තුළට වැදී තිබේ, ඒවායේ විෂය මාගේ ආත්මයට බීගන්නේය. දෙවියන්වහන්සේගේ භයානකකම් මට විරුද්ධව සැරසී තිබේ.


කිසි දඬුවමක් ලබන කල ඒක ශෝකයට මිස ප්‍රීතියට කාරණාවක් මෙන් පෙනෙන්නේ නැත. නුමුත් පසුව එයින් පෙළුණු තැනැත්තන්ට ධර්මිෂ්ඨකමේ සමාදාන ඵල හටගන්නේය.


උදය දක්වා මම කල්පනාකෙළෙමි;‍ උන්වහන්සේ සිංහයෙකු මෙන් මාගේ සියලු ඇට බිඳිනසේක. එක දවසක් ඇතුළතදී ඔබ මා තීන්දු කරනසේක.


බාල වයසේ පටන් මම පීඩිතව මරණාසන්නවෙමි. ඔබගෙන් පැමිණෙන භීති විඳින කල විකලවෙමි.


මක්නිසාද දවස මුළුල්ලේම පීඩාකරනු ලැබීමි, උදයක් පාසා තරවටුද ලැබීමි.


ඉතින් දෙවියන්වහන්සේ මාගේ කාරණා පෙරළා, තමන් දැල මා වටකර හෙළා තිබෙන බව දැනගන්න.


බලව, දෙවියන්වහන්සේගෙන් දඬුවම් ලබන මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය. එබැවින් සර්වපරාක්‍රමයාණන්ගේ දඬුවම්කිරීම සුළු නොකරන්න.


දෙවියන්වහන්සේගේ ගැඹුරු දේවල් දැනගන්ට නුඹට පුළුවන්ද? සර්වපරාක්‍රමයාණන්වහන්සේ සම්පූර්ණ ලෙස දැනගන්ට නුඹට පුළුවන්ද?


මම ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද සර්වපරාක්‍රම දෙවියන්වහන්සේ ලෙස පෙනුණෙමි, නුමුත් යෙහෝවඃ යන මාගේ නාමයෙන් ඔවුන්ට ප්‍රකාශනූණෙමි.


ඒ මනුෂ්‍යයා නුඹලාගේ අනික් සහෝදරයාද බෙන්යමින්ද නුඹලාට නිදහස්කර දෙන පිණිස සර්වපරාක්‍රම දෙවියන්වහන්සේ ඔහුගෙන් නුඹලාට කරුණාව ලැබෙන්ට සලස්වනසේක්වා. මාගේ දරුවන් මා කෙරෙන් තුරන් වුණොත් මම සැබවින්ම දරුවන් නැති කෙනෙක්මෙන් වෙමියි ඔවුන්ට කීවේය.


ආබ්‍රම් අනූනව අවුරුදු වයසට පැමිණි කල ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට පෙනී: මම සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේය; මා ඉදිරියෙහි හැසිරෙමින් සම්පූර්ණ වෙන්න.


මම එහි දේවමාළිගාවක් නුදුටිමි. මක්නිසාද සර්වපරාක්‍රමවූ ස්වාමිවූ දෙවියන්වහන්සේද බැටළුපැටවාණෝද එහි දේවමාළිගාවය.


මම අල්ඵා සහ ඕමෙගාද වෙමියි සිටින්නාවූ, සිටියාවූ, මතු සිටින්නාවූ, සර්වපරාක්‍රමවූ, ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


ඔවුන් මාරාට පැමුණුණු කල එහි වතුර තික්ත නිසා බොන්ට නොහැකි විය. එබැවින් ඒ ස්ථානයට මාරා යන නම තබනලද්දේය.


උන්වහන්සේ මට හුස්ම ගන්ටනොදී, තික්තකම්වලින් මා පුරවනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්