නුඹ එසේ පැමිණෙන්නේ කොල්ලකෑමටත් සම්පත් උදුරාගැනීමටත් මනුෂ්‍යයන් වාසය කරන්නාවූ පාළුව තිබුණු ස්ථානවලටද ජාතීන් අතරෙන් රැස්වී සිටින්නාවූ, සිව්පාවුන් සහ සම්පත් ලබාගෙන පොළොවේ මැද ස්ථානයෙහි වසන්නාවූ සෙනඟටද විරුද්ධව නුඹේ අත හැරවීමටත්ය.
විනිශ්චයකාරයෝ 9:37 - Sinhala Revised Old Version ගයල් නැවත කථාකොට: අන්න, සෙනඟක් රටේ උස් පළාතෙන් බැස එනවාය, තවත් කණ්ඩායමක් මෙයොනෙනීම්හි අලෝන ගසට යන මාර්ගයෙන් එනවායයි කීය. Sinhala New Revised Version ගයල් නැවත කතා කොට, “අන්න, රටේ සෙනඟ ද උස් පළාතෙන් බැස එති; තවත් කණ්ඩායමක් මෙයොනෙනීම්හි ආලෝන අරඹට යන මාර්ගයෙන් බැස එති”යි කී ය. Sinhala New Revised Version 2018 ගයල් නැවත කතා කොට, “අන්න, රටේ සෙනඟ ද උස් පළාතෙන් බැස එති; තවත් කණ්ඩායමක් මෙයොනෙනීම්හි ආලෝන අරඹට යන මාර්ගයෙන් බැස එති”යි කී ය. |
නුඹ එසේ පැමිණෙන්නේ කොල්ලකෑමටත් සම්පත් උදුරාගැනීමටත් මනුෂ්‍යයන් වාසය කරන්නාවූ පාළුව තිබුණු ස්ථානවලටද ජාතීන් අතරෙන් රැස්වී සිටින්නාවූ, සිව්පාවුන් සහ සම්පත් ලබාගෙන පොළොවේ මැද ස්ථානයෙහි වසන්නාවූ සෙනඟටද විරුද්ධව නුඹේ අත හැරවීමටත්ය.
මක්නිසාද නුඹ පන්නාදමන්ට යන්නාවූ මේ ජාතීහු නිමිතිබලන්නන්ටත් පේනකියන්නන්ටත් ඇහුම්කන්දෙති. නුමුත් නුඹට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එසේ කරන්ට ඉඩදීලා නැත.
ගයල් සෙනඟ දැක: අන්න, සෙනඟක් කඳු මුදුන්වලින් බැස එනවායයි ශෙබුල්ට කීවේය. ශෙබුල්ද: කඳුවල සෙවණැල්ල මිනිසුන් වාගේ නුඹට පෙනේයයි ඔහුට කීය.
එවිට ශෙබුල් ඔහුට කථාකොට: අප විසින් මෙහෙකිරීමට අබිමෙලෙක් කවුදැයි නුඹ කීවාවූ නුඹේ කට දැන් කොහේද? මේ නුඹ විසින් හෙළාදක්නාලද මිනිස්සු නොවෙද්ද? ඉතින් දැන් නුඹ ගොස් ඔවුන්ට විරුද්ධව සටන් කරන්නැයි කීවේය.