Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 38:12 - Sinhala Revised Old Version

12 නුඹ එසේ පැමිණෙන්නේ කොල්ලකෑමටත් සම්පත් උදුරාගැනීමටත් මනුෂ්‍යයන් වාසය කරන්නාවූ පාළුව තිබුණු ස්ථානවලටද ජාතීන් අතරෙන් රැස්වී සිටින්නාවූ, සිව්පාවුන් සහ සම්පත් ලබාගෙන පොළොවේ මැද ස්ථානයෙහි වසන්නාවූ සෙනඟටද විරුද්ධව නුඹේ අත හැරවීමටත්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 නුඹ එසේ පැමිණෙන්නේ කොල්ලකෑමටත්, සම්පත් උදුරාගැනීමටත් මිනිසුන් වාසය කරන පාළු ව තිබුණු ස්ථානවලට ද විජාතීන් අතරෙන් අවුත් සිටින සිව්පාවුන් සහ සම්පත් ලබාගෙන පොළොවේ මැද ස්ථානයෙහි වාසය කරන සෙනඟට ද විරුද්ධ ව නුඹේ අත ඔසවනු පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 නුඹ එසේ පැමිණෙන්නේ කොල්ලකෑමටත්, සම්පත් උදුරාගැනීමටත් මිනිසුන් වාසය කරන පාළු ව තිබුණු ස්ථානවලට ද විජාතීන් අතරෙන් අවුත් සිටින සිව්පාවුන් සහ සම්පත් ලබාගෙන පොළොවේ මැද ස්ථානයෙහි වාසය කරන සෙනඟට ද විරුද්ධ ව නුඹේ අත ඔසවනු පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 38:12
14 හුවමාරු යොමු  

බොහෝ දවස් ගිය පසු නුඹ ප්‍රධානකමට පත්වී, කඩුවෙන් මිදී තිබෙන දේශයකට මතු අවුරුදුවලදී එනවා ඇත. එහි වැසියෝ බොහෝ ජනයන් අතරෙන් ඉශ්‍රායෙල් කඳුවලට රැස්කරනු ලැබුවෝය. ඒවා නිතරම පාළුවක්ව තිබෙන නුමුත්, ඔවුන් ජනයන් අතරෙන් ගෙන්වනු ලැබ, සියල්ලෝම නිසැකව (එහි) වාසය කරති.


එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ට මිසර දේශය පාවාදෙන්නෙමි; ඔහු එහි සමූහයා අල්ලාගෙන, එහි තිබෙන කොල්ලය රැගෙන, එහි තිබෙන සම්පත් කොල්ලකාගන යනවා ඇත; ඒවා ඔහුගේ සේනාවට කුලී වන්නේය.


අභක්තික ජාතියකට විරුද්ධව ඔහු එවන්නෙමි, මාගේ උදහසේ සෙනඟගෙන් කොල්ලකන්ටද සම්පත් උදුරාගන්ටද වීථිවල මඩ මෙන් ඔවුන් පාගාදමන්ටද ඔවුන්ට විරුද්ධව ඔහුට අණදෙන්නෙමි.


එම්බා කඩුව, මාගේ එඬේරාටත් මාගේ සහායකාරවූ මනුෂ්‍යයාටත් විරුද්ධව පිබිදෙන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එඬේරාට පහරදෙන්න, එවිට බැටළුවන් විසිරී යනවා ඇත; නුමුත් කුඩා තැනැත්තන් පිටට මාගේ අත හරවන්නෙමි.


නැවත මොරගසා මෙසේ කියන්න: සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක. නැවත මාගේ නුවරවලින් යසස ඉතිරීයන්ටත් ස්වාමීන්වහන්සේ විසින් සියොන් නැවත සනසා යෙරුසලම නැවත තෝරාගන්ටත් යෙදේයයි කීය.


එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා උත්තරදෙමින්: සේනාවල ස්වාමීන්වහන්ස, ඔබ විසින් දැනට සැත්තෑ අවුරුද්දක් උදහස දැක්වූ යෙරුසලමටත් යූදාහි නුවරවලටත් කොපමණ කල් අනුකම්පා නොකර සිටිනසේක්දැයි කීවේය.


මම අෂ්දොද් කෙරෙන් වැසියාද අෂ්කෙලොන් කෙරෙන් ජයකොන්තය අල්ලන්නාද සිඳදමා, මාගේ අත එක්‍රොන්ට විරුද්ධව හරවන්නෙමි, පිලිස්තිවරුන්ගෙන් ඉතිරි කොටසද විනාශවන්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


එහෙත් නුඹව නාස්තිකරන සියල්ලෝම නාස්තිවන්නෝය; නුඹේ එදිරිකාරයන් සියල්ලෝම වාලට යන්නෝය; නුඹෙන් කොල්ලකන්නෝ කොල්ලයක් වන්නෝය, නුඹෙන් උදුරා ගන්න සියල්ලන්ද කොල්ලයක් කොට පාවාදෙන්නෙමි.


ගයල් නැවත කථාකොට: අන්න, සෙනඟක් රටේ උස් පළාතෙන් බැස එනවාය, තවත් කණ්ඩායමක් මෙයොනෙනීම්හි අලෝන ගසට යන මාර්ගයෙන් එනවායයි කීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්