ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 9:36 - Sinhala Revised Old Version

ගයල් සෙනඟ දැක: අන්න, සෙනඟක් කඳු මුදුන්වලින් බැස එනවායයි ශෙබුල්ට කීවේය. ශෙබුල්ද: කඳුවල සෙවණැල්ල මිනිසුන් වාගේ නුඹට පෙනේයයි ඔහුට කීය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ගයල් සෙනඟ දැක, “අන්න, සෙනඟක් කඳු මුදුන්වලින් එති”යි ශෙබුල්ට කීවේ ය. ශෙබුල් ද, “සෙනඟ මෙන් ඔබට පෙනෙන්නේ කඳුවල ඇති සෙවණැලි යැ”යි ඔහුට කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ගයල් සෙනඟ දැක, “අන්න, සෙනඟක් කඳු මුදුන්වලින් එති”යි ශෙබුල්ට කීවේ ය. ශෙබුල් ද, “සෙනඟ මෙන් ඔබට පෙනෙන්නේ කඳුවල ඇති සෙවණැලි යැ”යි ඔහුට කීවේ ය.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 9:36
4 හුවමාරු යොමු  

එම්බා දේශයේ වැසිය, නුඹේ දඬුවම් වාරය පැමිණියේය. කාලය පැමිණ තිබේ, දවස කිට්ටුය; එය වනාහි ප්‍රීතිඝෝෂා දවසක් නොව කඳුවල කැලඹීමේ ඝෝෂා දවසක්ය.


ඔහු ඇස් ඔසවා කියනුයේ: මට මනුෂ්‍යයන් පෙනේ; මක්නිසාද ගස් වාගේ (ඔවුන්) ඇවිදිනවා මට පෙනේයයි කීවේය.


එබෙද්ගේ පුත්‍රවූ ගයල්ද පිටතට ගොස් නුවරට ඇතුල්වෙන දොරකඩ සිටියේය. අබිමෙලෙක්ද ඔහු සමඟ සිටි මිනිස්සුද සැඟවී සිටි තැනින් නැගිට ආවෝය.


ගයල් නැවත කථාකොට: අන්න, සෙනඟක් රටේ උස් පළාතෙන් බැස එනවාය, තවත් කණ්ඩායමක් මෙයොනෙනීම්හි අලෝන ගසට යන මාර්ගයෙන් එනවායයි කීය.