Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 8:24 - Sinhala Revised Old Version

24 ඔහු ඇස් ඔසවා කියනුයේ: මට මනුෂ්‍යයන් පෙනේ; මක්නිසාද ගස් වාගේ (ඔවුන්) ඇවිදිනවා මට පෙනේයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 ඔහු ද ඇස් ඔසවා, “මිනිස්සු මට පෙනේ; ඔව්හු ගස් වාගේ ය; ඔවුන් ඇවිදිනු මට පෙනේ” යයි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

24 ඔහු ඇස් ඔසවා බලමින්, “මට මිනිසුන් පෙනේ; ඔවුන් ඇවිදින ගස් වගේ පෙනේ යැ” යි පිළිතුරු දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 ඔහු ද ඇස් ඔසවා, “මිනිස්සු මට පෙනේ; ඔව්හු ගස් වාගේ ය; ඔවුන් ඇවිදිනු මට පෙනේ” යයි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 8:24
6 හුවමාරු යොමු  

දකින්නන්ගේ ඇස් අඳුරු නොවන්නේය, අසන්නන්ගේ කන් ඇහුම්කන්දෙන්නේය.


ඒ දවසෙහි බිහිරන් පොතේ වචන අසනවා ඇත, කළුවරෙහිත් අන්ධකාරයෙහිත් සිටින අන්ධයන්ගේ ඇස්ද පැහැදෙනවා ඇත.


ගයල් සෙනඟ දැක: අන්න, සෙනඟක් කඳු මුදුන්වලින් බැස එනවායයි ශෙබුල්ට කීවේය. ශෙබුල්ද: කඳුවල සෙවණැල්ල මිනිසුන් වාගේ නුඹට පෙනේයයි ඔහුට කීය.


උන්වහන්සේ අන්ධයා අතින් අල්ලා, ගමෙන් පිටතට ගෙනැවිත්, ඔහුගේ ඇස්වලට කෙළගසා, ඔහු පිට අත් තබා: ඔබට යමක් පෙනේදැයි ඔහුගෙන් ඇසූසේක.


එවිට උන්වහන්සේ ඔහුගේ ඇස් පිට නැවත අත් තැබූසේක; ඔහු ස්ථිරලෙස බලා, සුවය ලැබ, සියල්ල පැහැදිලිලෙස දුටුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්