අත්තික්කා වෘක්ෂය ඒවාට කථාකොට: මාගේ මිහිරිකමද හොඳ ඵලදාවද අත්හැර ගස් කෙරෙහි එහා මෙහා වැනෙන්ට යාම මට යුතුදැයි කීවේය.
විනිශ්චයකාරයෝ 9:10 - Sinhala Revised Old Version එවිට ගස් තුමූ: නුඹ ඇවිත් අප කෙරෙහි රජවුණ මැනවියි අත්තික්කා ගසට කීවෝය. Sinhala New Revised Version එවිට වෘක්ෂයෝ, ‘ඔබ අවුත් අප කෙරෙහි රජ වුණ මැනවැ’යි අත්තික්කා ගසට කී හ. Sinhala New Revised Version 2018 එවිට වෘක්ෂයෝ, ‘ඔබ අවුත් අප කෙරෙහි රජ වුණ මැනවැ’යි අත්තික්කා ගසට කී හ. |
අත්තික්කා වෘක්ෂය ඒවාට කථාකොට: මාගේ මිහිරිකමද හොඳ ඵලදාවද අත්හැර ගස් කෙරෙහි එහා මෙහා වැනෙන්ට යාම මට යුතුදැයි කීවේය.
නුමුත් ඔලීව වෘක්ෂය ඒවාට කථාකොට–දෙවියන්වහන්සේද මනුෂ්‍යයන්ද මා කරණකොටගෙන ගෞරව ලබන්ට හේතුවූ මාගේ සාරකම් අත්හැර ගස් කෙරෙහි එහා මෙහා වැනෙන්ට යාම මට යුතුදැයි කීවේය.
එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹේ වංශයත් නුඹේ පියාගේ වංශයත් සෑම කල්හිම මා ඉදිරියෙහි හැසිරෙනවා ඇතැයි සැබවින්ම කීවෙමි. නුමුත් දැන් ස්වාමීන්වහන්සේ කියන්නේ නම්: එය මාගෙන් දුරුවේවා කියාය; මක්නිසාද මට ගෞරවකරන්නන්ට මමත් ගෞරව කරමි, මා සුළුකොට සිතන්නෝ නීචකොට සලකනු ලබති.