විනිශ්චයකාරයෝ 8:16 - Sinhala Revised Old Version ඔහු නුවර වැඩිමහල්ලන් අල්ලා වනයේ කටුගස්ද වේරෑන්ද අරන් එයින් සුක්කොත්හි මිනිසුන් මට්ටුකෙළේය. Sinhala New Revised Version ඔහු නගරයේ ප්‍රජා මූලිකයන් අල්ලා වනයේ කටු ගස් ද ගොකටු ද රැගෙන එයින් සුක්කොත්හි මිනිසුන් මට්ටු කෙළේ ය. Sinhala New Revised Version 2018 ඔහු නගරයේ ප්‍රජා මූලිකයන් අල්ලා වනයේ කටු ගස් ද ගොකටු ද රැගෙන එයින් සුක්කොත්හි මිනිසුන් මට්ටු කෙළේ ය. |
ඔවුන්ගෙන් වඩා හොඳ අය කටුගසක් වාගේය. වඩා අවංක අයද කටු වැටකට වඩා නරකය. නුඹේ මුරකාරයන් විසින් කීවාවූ නුඹේ දඬුවමේ දවස පැමිණ තිබේ; දැන් ඔවුන්ගේ වියවුල්කම වන්නේය.
ඔහු සුක්කොත්හි මනුෂ්‍යයන් ළඟට ඇවිත් ඔවුන්ට කථාකොට: නුඹේ වෙහෙසවූ මිනිසුන්ට අප විසින් කෑම දෙන්ට සෙබාද ශල්මුන්නාද දැන් නුඹ අතට අසුවී සිටිනවාද කියා නුඹලා විසින් යමෙකු ගැන මට සරදම්කර කීවාද ඒ සෙබාද ශල්මුන්නාද මෙන්න බලන්නැයි කීය.
ගිඩියොන්ද: ස්වාමීන්වහන්සේ සෙබාද ශල්මුන්නාද මා අතට පාවාදුන් විට මම නුඹලාගේ මාංසය වනයේ කටුවලින්ද වේරෑන්වලින්ද ඉරාදමන්නෙමියි කීවේය.