මාගේ ස්වාමීනි, ඔබ ඉදිරියෙහි දැන් මම කරුණාව ලැබුයෙම්නම් ඔබගේ මෙහෙකරුවා කෙරෙන් අහක්ව නොයන ලෙස ඉල්ලමි.
විනිශ්චයකාරයෝ 6:20 - Sinhala Revised Old Version දෙවියන්වහන්සේගේ දූතයා: මස් සහ මුහුන් නොදැමූ රොටි අරන් මේ ගල පිට තබා, සොදි වත්කරන්නැයි ඔහුට කීය. ඔහු එසේ කෙළේය. Sinhala New Revised Version දෙවියන් වහන්සේගේ දූතයා, “මස් සහ මුහුන් නොදැමූ රොටි ගෙන මේ ගල පිට තබා සොදි වත් කරන්නැ”යි ඔහුට කී ය. ඔහු එසේ කෙළේ ය. Sinhala New Revised Version 2018 දෙවියන් වහන්සේගේ දූතයා, “මස් සහ මුහුන් නොදැමූ පූප ගෙන මේ ගල පිට තබා සොදි වත් කරන්නැ”යි ඔහුට කී ය. ඔහු එසේ කෙළේ ය. |
මාගේ ස්වාමීනි, ඔබ ඉදිරියෙහි දැන් මම කරුණාව ලැබුයෙම්නම් ඔබගේ මෙහෙකරුවා කෙරෙන් අහක්ව නොයන ලෙස ඉල්ලමි.
මානෝවා ස්වාමීන්වහන්සේගේ දූතයාට කථාකොට: අප විසින් ඔබට එළුපැටවෙකු පිළියෙළකරන තුරු ඔබ ප්‍රමාදකරගන්ට අපට අවසර ලැබේවයි කීවේය.
ස්වාමීන්වහන්සේගේ දූතයා: නුඹ මා ප්‍රමාදකරගන්න නුමුත් නුඹේ කෑමෙන් නොකන්නෙමි, නුඹ දවන පූජාවක් පිළියෙළකරන්ට කැමතිනම් එය නුඹ විසින් ස්වාමීන්වහන්සේට ඔප්පුකළ යුතුයයි මානෝවාට කීවේය. මක්නිසාද ඔහු ස්වාමීන්වහන්සේගේ දූතයා බව මානෝවා නොදැන සිටියේය.
එවිට මානෝවා එළුපැටවාත් ආහාර පූජාවත් ගෙනැවිත් ස්වාමීන්වහන්සේට පර්වතය පිට පූජා කෙළේය, එවිට දේවදූතයා පුදුම ලෙස කෙළේය, මානෝවා සහ ඔහුගේ භාර්යාව බලාගන සිටියෝය.
ගිඩියොන් ඇතුළට ගොස් එළුපැටියෙක්ද ඒඵාවක පිටිවලින් මුහුන් නොදැමූ රොටිද සූදානම්කොට, මස් පෙට්ටියක තබා, සොදි භාජනයක වත්කොට, අලෝන ගස යටට ගෙනවුත් උන්වහන්සේට ඔප්පුකෙළේය.
එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා තමාගේ අතේ තිබුණු සැරයටියේ අග දිගුකොට මස්වලටත් මුහුන් නොදැමූ රොටිවලටත් තට්ටු කෙළේය; එවිට පර්වතයෙන් ගිනි මතුවී මස්ද මුහුන් නොදැමූ රොටිද දවාදැමුවේය; ස්වාමීන්වහන්සේගේ දූතයා ඔහු ඉදිරියෙන් නොපෙනී ගියේය.