යෝසෙප් ඉශ්‍රායෙල්ගේ වෘද්ධ වයසේ පුත්‍රයා බැවින් ඔහු තමාගේ සියලු පුත්‍රයන්ට වඩා ඔහුට ආදරයවූයේ, අත් ඇති දිග වස්ත්‍රයක් ඔහුට සාදාදුන්නේය.
විනිශ්චයකාරයෝ 5:30 - Sinhala Revised Old Version ඔව්හු කොල්ලය බෙදාගෙන, එකිනෙකාට තරුණියක් එසේය, තරුණියන් දෙන්නෙක්ද සිසෙරාට නානා වර්ණ වස්ත්‍රයක් එසේය, නානා වර්ණ ගෙත්තම් වස්ත්‍රයක්, කොල්ලය ගත් අයගේ කරවල් පිට දෙපැත්තේම නානා වර්ණ ගෙත්තම් කළ වස්ත්‍රයක් නොලැබූදැයි කීවෝය. Sinhala New Revised Version ‘ඔවුන් කොල්ලය සොයනු ඇත. තමන් අතරේ බෙදා ගැනීමට, එකිනෙකාට තරුණියන් එක් කෙනෙකු හෝ දෙදෙනෙකු ද සිසෙරාට නානා වර්ණ වස්ත්‍රයක්, වයිවර්ණ ගෙත්තම් වස්ත්‍රයක් ද මාගේ ගෙල වටා දැමීමට ගෙත්කම් කළ සළුවක් හෝ දෙකක් ද ඔවුන් රැගෙන එනු ඇත.’ Sinhala New Revised Version 2018 ‘ඔවුන් කොල්ලය සොයනු ඇත. තමන් අතරේ බෙදා ගැනීමට, එකිනෙකාට තරුණියන් එක් කෙනෙකු හෝ දෙදෙනෙකු ද සිසෙරාට නානා වර්ණ වස්ත්‍රයක්, වයිවර්ණ ගෙත්තම් වස්ත්‍රයක් ද මාගේ ගෙල වටා දැමීමට ගෙත්කම් කළ සළුවක් හෝ දෙකක් ද ඔවුන් රැගෙන එනු ඇත.’ |
යෝසෙප් ඉශ්‍රායෙල්ගේ වෘද්ධ වයසේ පුත්‍රයා බැවින් ඔහු තමාගේ සියලු පුත්‍රයන්ට වඩා ඔහුට ආදරයවූයේ, අත් ඇති දිග වස්ත්‍රයක් ඔහුට සාදාදුන්නේය.
ඈ නානා වර්ණ වස්ත්‍රයක් ඇඳගෙන සිටියාය. මක්නිසාද රජුගේ කන්‍යා දූවරු එබඳු සළු ඇන්දෝය. ඔහුගේ වැඩකාරයා ඈ පිටතට ඇර දොරේ අගුළුදැමුවේය.
මල්කම්කළ සළුවෙන් සරසනලද ඈ රජු වෙත පමුණුවනු ලබන්නීය. ඈ අනුව යන්නාවූ ඇගේ යහළු කන්‍යාවෝ ඔබ වෙත පමුණුවනු ලබන්නෝය.
සතුරා කියනුයේ: මම ලුහුබඳින්නෙමි, අල්වාගන්නෙමි, කොල්ලය බෙදන්නෙමි. මාගේ ආශාව ඔවුන් කෙරෙහි තෘප්තියට පමුණුවනු ලැබේ; මාගේ කඩුව අදින්නෙමි, මාගේ අත ඔවුන් විනාශකරන්නේයයි කීය.
මළුවේ දොරටුවට නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින් මල් වැඩ කළ විසි රියන් කඩතුරාවක් විය යුතුය. ඒකේ කුළුනු සතරක්ද කුළුනුවල අඩි සතරක්ද විය යුතුය.
අන්ධකාරයෙහි ඇවිද්දාවූ සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝය. මරණ සෙවණ ඇති දේශයෙහි විසූ අය කෙරෙහි එළියක් බැබළුණේය.
රජවරු ඇවිත් යුද්ධකළාහුය; එවිට තයනාක්හිදී මෙගිද්දෝ ජලය ළඟ කානාන් රජවරු යුද්ධකළෝය. මුදලෙන් ඔවුන්ට කොල්ලයක් නොලැබුණේය.