මෙන්න, මම උල්පත ළඟ සිටිමි; වතුර අදින පිණිස පිටතට එන්නාවූ: නුඹේ කළයෙන් වතුර ටිකක් බොන්ට මට දෙන්නැයි මා කියන විට–
විනිශ්චයකාරයෝ 4:19 - Sinhala Revised Old Version ඔහුද: කරුණාකර වතුර ටිකක් බොන්ට දෙන්න, මට පිපාසායයි කීවේය. ඈ කිරි භාජනයක් ඇර ඔහුට බොන්ට දී ඔහු වැසුවාය. Sinhala New Revised Version ඔහු ද, “කරුණාකර වතුර ටිකක් බොන්නට දෙන්න, මට පිපාසා යැ”යි කීවේ ය. ඈ කිරි භාජනයක් ඇර ඔහුට බොන්නට දී ඔහු යළිත් වසා තැබුවා ය. Sinhala New Revised Version 2018 ඔහු ද, “කරුණාකර වතුර ටිකක් බොන්නට දෙන්න, මට පිපාසා යැ”යි කීවේ ය. ඈ කිරි භාජනයක් ඇර ඔහුට බොන්නට දී ඔහු යළිත් වසා තැබුවා ය. |
මෙන්න, මම උල්පත ළඟ සිටිමි; වතුර අදින පිණිස පිටතට එන්නාවූ: නුඹේ කළයෙන් වතුර ටිකක් බොන්ට මට දෙන්නැයි මා කියන විට–
එහෙයින් ඔහු පිටත්ව ශාරෙපත්ට ගොස් නුවර දොරකඩට පැමිණි කල, වැන්දඹු ස්ත්‍රියෙක් එහි දර අවුලනවා දැක, ඈට අඬගසා: කරුණාකර මට බොන්ට භාජනයකට වතුර ටිකක් ගෙනෙන්නැයි කීවේය.
අසරණයන්ද දිළින්දන්ද වතුර සොයා නොලැබ ඔවුන්ගේ දිවි පිපාසායෙන් වේලෙන කල, ස්වාමීන්වහන්සේ වන මම ඔවුන්ට උත්තරදෙන්නෙමි, ඉශ්‍රායෙල්හි දෙවියන්වහන්සේ වන මම ඔවුන් අත්නාරින්නෙමි.
යායෙල් සිසෙරාගේ පෙරමගට ගොස්: මාගේ ස්වාමිනි, ඇතුළට අව මැනවි; භයනොවී මා ළඟට ඇතුළට අවමැනවියි ඔහුට කීවාය. ඔහු ඈ සමඟ කූඩාරමට ගියේය, ඈ පලස් රෙද්දකින් ඔහු වැසුවාය.
ඔහු ඈට කථාකොට: නුඹ කූඩාරමේ දොරකඩ සිට, යම් කෙනෙක් ඇවිත්–මෙහි කවුරුවත් ඉන්නවාදැයි නුඹෙන් ඇසුවොත්, නැත කියන්නැයි ඈට කීවේය.
කේනිය හෙබෙර්ගේ භාර්යාව වන යායෙල් තොමෝ වෙන ස්ත්‍රීන්ට වඩා ආශීර්වාද ලත්තියක් වන්නීය. කූඩාරම්හි ස්ත්‍රීන්ට වඩා ඈ ආශීර්වාද ලත්තියක් වන්නීය.