Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 4:20 - Sinhala Revised Old Version

20 ඔහු ඈට කථාකොට: නුඹ කූඩාරමේ දොරකඩ සිට, යම් කෙනෙක් ඇවිත්–මෙහි කවුරුවත් ඉන්නවාදැයි නුඹෙන් ඇසුවොත්, නැත කියන්නැයි ඈට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 ඔහු ඈට කතා කොට, “ඔබ කූඩාරමේ දොරකඩ ළඟ සිට, යම් කෙනෙකු අවුත්, ‘මෙහි කවුරු වත් සිටින්නේ දැ’යි ඇසුවොත්, ‘නැතැ’යි කියන්නැ”යි ඈට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 ඔහු ඈට කතා කොට, “ඔබ කූඩාරමේ දොරකඩ ළඟ සිට, යම් කෙනෙකු අවුත්, ‘මෙහි කවුරු වත් සිටින්නේ දැ’යි ඇසුවොත්, ‘නැතැ’යි කියන්නැ”යි ඈට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 4:20
4 හුවමාරු යොමු  

අබ්සලොම්ගේ සේවකයෝ ස්ත්‍රී ළඟට ඒ ගෙදරට ඇවිත්: අහිමයාශ්ද යොනාතාන්ද කොතැනදැයි ඇසුවෝය. ඒ ස්ත්‍රී: ඔව්හු වතුර ඇළෙන් එගොඩවූවෝයයි කීවාය. ඒ මනුෂ්‍යයෝ ඔවුන් සොයා සම්බනූණ බැවින් යෙරුසලමට හැරී ගියෝය.


ඔහුද: කරුණාකර වතුර ටිකක් බොන්ට දෙන්න, මට පිපාසායයි කීවේය. ඈ කිරි භාජනයක් ඇර ඔහුට බොන්ට දී ඔහු වැසුවාය.


එවිට හෙබෙර්ගේ භාර්යාවවූ යායෙල් කූඩාරම් ඇණයක් හැරගෙන මිටියකුත් අතේ ඇතුව හීන්සැරේ ඔහු ළඟට ගොස්, නිදාගන තෙහෙට්ටුවී සිටියාවූ ඔහුගේ නළල් කෙළවරට ඇණය පොළොවට යනතෙක් ගසා එය සිදුරුකළාය; මෙසේ ඔහු විසංඥව මළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්