ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 3:6 - Sinhala Revised Old Version

ඔවුන්ගේ දූවරුන් පාවාගෙන, තමුන්ගේ දූවරුන් ඔවුන්ගේ පුත්‍රයන්ට දී, ඔවුන්ගේ දෙවිවරුන්ට සේවයකළෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔව්හු ඔවුන්ගේ දූවරුන් සරණ පාවාගෙන, තමන්ගේ දූවරුන් ඔවුන්ගේ පුත්‍රයන්ට දී ඔවුන්ගේ දෙවිවරුන්ට වැඳුම්පිදුම් කළෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔව්හු ඔවුන්ගේ දූවරුන් සරණ පාවාගෙන, තමන්ගේ දූවරුන් ඔවුන්ගේ පුත්‍රයන්ට දී ඔවුන්ගේ දෙවිවරුන්ට වැඳුම්පිදුම් කළෝ ය.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 3:6
9 හුවමාරු යොමු  

අන්‍ය ජාතීන් හා මිශ්‍රව, ඔවුන්ගේ ක්‍රියා ඉගෙනගත්තෝය.


නැතහොත් නුඹ දේශයේ වැසියන් සමඟ යම් ගිවිසුමක් කරනවා ඇත. එවිට ඔවුන් තමුන්ගේ දෙවිවරුන් සමඟ වේශ්‍යාකම් කරමින් තමුන්ගේ දෙවිවරුන්ට යාග පුදන කල්හි ඔවුන්ගෙන් කෙනෙක් නුඹට අඬගසන කල නුඹ ඔහුගේ යාගයෙන් කෑමටද,


නුඹ විසින් ඔවුන්ගේ දූවරුන්ගෙන් නුඹේ පුත්‍රයන්ට පාවාගන්ටද ඔවුන්ගේ දූවරුන් තමන්ගේ දෙවිවරුන් සමඟ වේශ්‍යාකම්කොට නුඹේ පුත්‍රයන්ද ඔවුන්ගේ දෙවිවරුන් සමඟ වේශ්‍යාකම් කිරීමටද සලස්වනු ලබනවා ඇත.


මෙසේ කියන්නස්වාමිවූ දෙවියන්වහන්සේ යෙරුසලමට මෙසේ කියනසේක: නුඹේ පිළිසිදීම සහ නුඹේ ඉපදීමද කානානිවරුන්ගේ දේශයේදී සිද්ධවිය; නුඹේ පියා අමෝරියයාය, නුඹේ මවු හිත්තිය ස්ත්‍රියෙක්ය.


මක්නිසාද නුඹලා යම් හෙයකින් හැරී ගොස්, නුඹලා ළඟ ඉතුරුව සිටින මේ ජාතීන්ට ඇලුම්වී, ඔවුන් සමඟ විවාහ කරගනිමින්, නුඹලා ඔවුන් අතරෙහිද ඔවුන් නුඹලා අතරෙහිද ගැවසුණොත්,