ඔහු පිටත්ව ගිය කල රජුගේ මෙහෙකරුවෝ ඇවිත් බැලූහ; තවද ඔව්හු උඩුමහලේ දොරවල් අගුල්දමා තිබෙනවා දැක: සැබවින් රජු සිසිල් උඩුමහල්තලයෙහි තමාගේ පාද වසාගන ඉන්නවා වෙන්ට ඕනෑයයි කීවෝය.
විනිශ්චයකාරයෝ 3:25 - Sinhala Revised Old Version ඔව්හු තුෂ්ණිම්භූතව බලා සිටියෝය. ඔහු උඩුමහලෙහි දොරවල් නොඇරිය බැවින් ඔව්හු යතුර ගෙන ඒවා ඇරියකල ඔවුන්ගේ ස්වාමියා බිම වැටී මැරී ඉන්නවා දුටුවෝය. Sinhala New Revised Version ඔව්හු තුෂ්ණිම්භූත ව බලා සිටියෝ ය. ඔහු උඩුමහලෙහි දොරවල් නොහැරිය බැවින්, ඔව්හු යතුර ගෙන ඒවා ඇරිය කල, ඔවුන්ගේ ස්වාමියා බිම වැටී, මැරී සිටිනු දුටුවෝ ය. Sinhala New Revised Version 2018 ඔව්හු තුෂ්ණිම්භූත ව බලා සිටියෝ ය. ඔහු උඩුමහලෙහි දොරවල් නොහැරිය බැවින්, ඔව්හු යතුර ගෙන ඒවා ඇරිය කල, ඔවුන්ගේ ස්වාමියා බිම වැටී, මැරී සිටිනු දුටුවෝ ය. |
ඔහු පිටත්ව ගිය කල රජුගේ මෙහෙකරුවෝ ඇවිත් බැලූහ; තවද ඔව්හු උඩුමහලේ දොරවල් අගුල්දමා තිබෙනවා දැක: සැබවින් රජු සිසිල් උඩුමහල්තලයෙහි තමාගේ පාද වසාගන ඉන්නවා වෙන්ට ඕනෑයයි කීවෝය.