නුඹ ගොස් දාවිත්ට මෙසේ කියන්න–මම කාරණා තුනක් නුඹ ඉදිරියෙහි තබමි; මා විසින් නුඹට කරන පිණිස එයින් එකක් තෝරාගන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීය.
විනිශ්චයකාරයෝ 3:20 - Sinhala Revised Old Version ඒහුද් ඔහු ළඟට පැමිණියේය; ඔහු තමාගේ සිසිල් උඩුමහල්තලයෙහි තනියම ඉඳගන උන්නේය. ඒහුද් තෙමේ: ඔබට දෙවියන්වහන්සේගේ පණිවිඩයක් දන්වන්ට මට ඇතැයි කීය. ඔහු හුනස්නෙන් නැගිට්ටේය. Sinhala New Revised Version ඒහුද් රජතුමා වෙත පැමිණියේ ය. ඔහු තමාගේ උඩුමහල් තලෙහි තනියම ඉඳගෙන සිටියේ ය. ඒහුද් ඔහු අමතා, “ඔබට දෙවියන් වහන්සේගේ පණිවුඩයක් දන්වන්න මට ඇතැ”යි කී ය. ඔහු හුනස්නෙන් නැඟිට්ටේ ය. Sinhala New Revised Version 2018 ඒහුද් රජතුමා වෙත පැමිණියේ ය. ඔහු තමාගේ උඩුමහල් තලෙහි තනියම ඉඳගෙන සිටියේ ය. ඒහුද් ඔහු අමතා, “ඔබට දෙවියන් වහන්සේගේ පණිවුඩයක් දන්වන්න මට ඇතැ”යි කී ය. ඔහු හුනස්නෙන් නැඟිට්ටේ ය. |
නුඹ ගොස් දාවිත්ට මෙසේ කියන්න–මම කාරණා තුනක් නුඹ ඉදිරියෙහි තබමි; මා විසින් නුඹට කරන පිණිස එයින් එකක් තෝරාගන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීය.
මුළු සෙනඟට ඉහළින් සිටි එස්රා මුළු සෙනඟගේ ඇස් හමුවෙහි පොත දිගඇරියේය; ඔහු ඒක දිගඅරින විට මුළු සෙනඟ නැගිට්ටෝය.
ජාතීන්ගේ රජ්ජුරුවන්වහන්ස, ඔබට භය නොවන්නේ කවරෙක්ද? මක්නිසාද භයවිය යුත්තේ ඔබටය. කුමක්හෙයින්ද ජාතීන්ගේ සියලු ප්‍රඥාවන්තයන් අතරේද ඔවුන්ගේ සියලුම රාජශ්‍රීයෙහිද ඔබට සමානවූ කිසිවෙක් නැත.
නවවෙනි මාසයේදී රජ ශීත සෘතු නිවාසයෙහි ඉඳගන උන්නේය. ඔහු ඉදිරියෙහි ගිනි භාජනයෙහි ගින්දර පත්තුවෙවී තිබුණේය.
මම ශීත සෘතු නිවාසයටත් ග්‍රීෂ්ම සෘතු නිවාසයටත් පහරදෙන්නෙමි. ඇත්දත් ගෙවල් විනාශවෙනවා ඇත, මහත් ගෙවල්ද පහවෙනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
ස්වාමීන්වහන්සේගේ හඬ නුවරට මොරගසන්නේය, ඥානවන්තයා ඔබගේ නාමය දකිනවා ඇත. දණ්ඩටත් ඒක නියමකළ තැනන්වහන්සේටත් යටත්වෙන්න.
ඔහු උපමා කථා පවසමින් කියනුයේ: බාලාක්, නැගිට අසන්න; ශිප්පෝර්ගේ පුත්‍රය, කන් යොමුකරන්න.
නුමුත් ඔහු ගිල්ගාල් ළඟ තිබෙන ගල් කපන තැන සිට හැරීගොස්: රජ්ජුරුවෙනි, ඔබට කියන්ට රහස්වූ පණිවිඩයක් මට තිබේයයි කීවේය. රජතෙමේ: නිශ්ශබ්ද වෙයව්යයි කීය. එවිට ඔහු වෙත සිටි සියල්ලෝ ඔහු කෙරෙන් පිටතට ගියෝය.