Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 3:20 - Sinhala New Revised Version 2018

20 ඒහුද් රජතුමා වෙත පැමිණියේ ය. ඔහු තමාගේ උඩුමහල් තලෙහි තනියම ඉඳගෙන සිටියේ ය. ඒහුද් ඔහු අමතා, “ඔබට දෙවියන් වහන්සේගේ පණිවුඩයක් දන්වන්න මට ඇතැ”යි කී ය. ඔහු හුනස්නෙන් නැඟිට්ටේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 ඒහුද් රජතුමා වෙත පැමිණියේ ය. ඔහු තමාගේ උඩුමහල් තලෙහි තනියම ඉඳගෙන සිටියේ ය. ඒහුද් ඔහු අමතා, “ඔබට දෙවියන් වහන්සේගේ පණිවුඩයක් දන්වන්න මට ඇතැ”යි කී ය. ඔහු හුනස්නෙන් නැඟිට්ටේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 ඒහුද් ඔහු ළඟට පැමිණියේය; ඔහු තමාගේ සිසිල් උඩුමහල්තලයෙහි තනියම ඉඳගන උන්නේය. ඒහුද් තෙමේ: ඔබට දෙවියන්වහන්සේගේ පණිවිඩයක් දන්වන්ට මට ඇතැයි කීය. ඔහු හුනස්නෙන් නැගිට්ටේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 3:20
11 හුවමාරු යොමු  

සිසිර නිවාස හා ග්‍රීෂ්ම නිවාස සිඳබිඳ දමමි; ඇත්දත් මන්දිර වැනසී යයි; හැම මහා මන්දිරයක් ම විනාශවනු ඇතැ”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.


ජාතීන්ගේ නිරිඳාණෙනි, ඔබට බිය නොවන්නේ කවරේ ද? බිය විය යුත්තේ ඔබට පමණ ය. ජාතීන් අතර ද සියලු රාජ්‍යයන්හි ද සියලු පැණවතුන් අතර ද ඔබට සම කිසිවෙක් නැත.


සමිඳාණන් වහන්සේ නගරයට මොරගසා මෙසේ වදාරන සේක: “සමිඳාණන් වහන්සේට ගරුබිය පෑම ඥානවන්ත ය. නාගරිකයෙනි, ගෝත්‍රිකයෙනි, සවන් දෙන්න.


දිව්‍ය පුත්‍රයෙනි, සමිඳාණන් වහන්සේට පැසසුම් දෙන්න; එතුමාණෝ තෙද බල පසසන්න.


‘මම කරුණු තුනක් නුඹ ඉදිරියෙහි තබමි; නුඹ පිට පමුණුවන පිණිස එයින් එකක් තෝරාගන්නැ’යි කී ය.


එහෙත්, ඔහු ගිල්ගාල් ළඟ කැපූ ගල් තිබෙන තැන සිට හැරී ගොස්, “රජතුමනි, ඔබට කියන්න රහස් පණිවුඩයක් මට ඇතැ”යි කීවේ ය. රජ තෙමේ, “නිශ්ශබ්දවන්න” කියා, ඔහු වෙත සිටි සේවකයන් ඔහු කෙරෙන් පිටතට ඇරියේ ය.


ඒහුද් තමාගේ වමත දිගු කොට දකුණු කලවයෙන් කඩුව ඇදගෙන රජුගේ බඩට ඇන්නේ ය.


මුළු සෙනඟට වඩා උස් තැනක සිටි එස්රා මුළු සෙනඟ ඉදිරියෙහි පොත දිග ඇරියේ ය. ඔහු එය දිග අරින විට සෙනඟ සියලු දෙන නැඟිට සිටියෝ ය.


එය නව වන මාසය විය; රජ සිසිර විමානයේ සිටියේ ය. ඔහු ඉදිරියේ ගිනි භාජනයෙහි ගිනි දැල්වෙමින් තිබිණි.


එවිට බාලාම් මේ දිවැස් වැකිය පැවසී ය: “බාලාක්, අවදි ව ඇහුම්කන් දෙන්න; ශිප්පෝර්ගේ පුත්‍රය, මට සවන් දෙන්න;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්