එකල්හි යෝසෙප් තමන් සමඟ සිටි සියල්ලන් ඉදිරියෙහි ඉවසාගන්ට නොහැකිව: සියලු මිනිසුන් මා වෙතින් පිටතට අරින්නැයි මොරගසා කීය. යෝසෙප් තමාගේ සහෝදරයන්ට තමාම අඳුන්වාදෙන අතර ඔහු සමඟ කිසිවෙක් නොසිටියේය.
විනිශ්චයකාරයෝ 3:19 - Sinhala Revised Old Version නුමුත් ඔහු ගිල්ගාල් ළඟ තිබෙන ගල් කපන තැන සිට හැරීගොස්: රජ්ජුරුවෙනි, ඔබට කියන්ට රහස්වූ පණිවිඩයක් මට තිබේයයි කීවේය. රජතෙමේ: නිශ්ශබ්ද වෙයව්යයි කීය. එවිට ඔහු වෙත සිටි සියල්ලෝ ඔහු කෙරෙන් පිටතට ගියෝය. Sinhala New Revised Version එහෙත්, ඔහු ගිල්ගාල් ළඟ කැපූ ගල් තිබෙන තැන සිට හැරී ගොස්, “රජතුමනි, ඔබට කියන්න රහස් පණිවුඩයක් මට ඇතැ”යි කීවේ ය. රජ තෙමේ, “නිශ්ශබ්දවන්න” කියා, ඔහු වෙත සිටි සේවකයන් ඔහු කෙරෙන් පිටතට ඇරියේ ය. Sinhala New Revised Version 2018 එහෙත්, ඔහු ගිල්ගාල් ළඟ කැපූ ගල් තිබෙන තැන සිට හැරී ගොස්, “රජතුමනි, ඔබට කියන්න රහස් පණිවුඩයක් මට ඇතැ”යි කීවේ ය. රජ තෙමේ, “නිශ්ශබ්දවන්න” කියා, ඔහු වෙත සිටි සේවකයන් ඔහු කෙරෙන් පිටතට ඇරියේ ය. |
එකල්හි යෝසෙප් තමන් සමඟ සිටි සියල්ලන් ඉදිරියෙහි ඉවසාගන්ට නොහැකිව: සියලු මිනිසුන් මා වෙතින් පිටතට අරින්නැයි මොරගසා කීය. යෝසෙප් තමාගේ සහෝදරයන්ට තමාම අඳුන්වාදෙන අතර ඔහු සමඟ කිසිවෙක් නොසිටියේය.
පුලුස්සා ඇතිලිය ගෙනැවිත් ඔහු ඉදිරියෙහි ඒවා හෙළුවාය; එහෙත් ඔහු කන්ට කැමතිවුණේ නැත. අම්නොන්: හැමදෙනාම මා වෙතින් පිටතට යන්නැයි කීය. සියලු දෙනාම ඔහු වෙතින් පිටතට ගියෝය.
මක්නිසාද ඔව්හු තමුන්ගේ උස්තැන්වලින් උන්වහන්සේ කෝපයට පැමිණෙවුවෝය, තමුන්ගේ කැපූ රූපවලින් උන්වහන්සේගේ ජ්වලිතය ඇවිස්සුවෝය.
ඒහුද් ඔහු ළඟට පැමිණියේය; ඔහු තමාගේ සිසිල් උඩුමහල්තලයෙහි තනියම ඉඳගන උන්නේය. ඒහුද් තෙමේ: ඔබට දෙවියන්වහන්සේගේ පණිවිඩයක් දන්වන්ට මට ඇතැයි කීය. ඔහු හුනස්නෙන් නැගිට්ටේය.