Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 13:9 - Sinhala Revised Old Version

9 පුලුස්සා ඇතිලිය ගෙනැවිත් ඔහු ඉදිරියෙහි ඒවා හෙළුවාය; එහෙත් ඔහු කන්ට කැමතිවුණේ නැත. අම්නොන්: හැමදෙනාම මා වෙතින් පිටතට යන්නැයි කීය. සියලු දෙනාම ඔහු වෙතින් පිටතට ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ඇතිලිය ගෙනවුත් ඔහු ඉදිරියෙහි ඒවා බෙදා දුන්නා ය. එහෙත්, ඔහු කන්නට අකමැති විය. අම්නො‍න්, “හැම දෙනා ම මා වෙතින් පිටතට යන්නැ”යි කී ය. එවිට සියලු දෙනා ම ඔහු වෙතින් පිටතට ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 ඇතිලිය ගෙනවුත් ඔහු ඉදිරියෙහි ඒවා බෙදා දුන්නා ය. එහෙත්, ඔහු කන්නට අකමැති විය. අම්නො‍න්, “හැම දෙනා ම මා වෙතින් පිටතට යන්නැ”යි කී ය. එවිට සියලු දෙනා ම ඔහු වෙතින් පිටතට ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 13:9
5 හුවමාරු යොමු  

එකල්හි යෝසෙප් තමන් සමඟ සිටි සියල්ලන් ඉදිරියෙහි ඉවසාගන්ට නොහැකිව: සියලු මිනිසුන් මා වෙතින් පිටතට අරින්නැයි මොරගසා කීය. යෝසෙප් තමාගේ සහෝදරයන්ට තමාම අඳුන්වාදෙන අතර ඔහු සමඟ කිසිවෙක් නොසිටියේය.


නපුරුකම් කරන සෑමදෙනම ආලෝකයට වෛරවී, තමුන්ගේ ක්‍රියා වැරදි බව ඔප්පු නොවන පිණිස ආලෝකයට නොඑති.


නුමුත් ඔහු ගිල්ගාල් ළඟ තිබෙන ගල් කපන තැන සිට හැරීගොස්: රජ්ජුරුවෙනි, ඔබට කියන්ට රහස්වූ පණිවිඩයක් මට තිබේයයි කීවේය. රජතෙමේ: නිශ්ශබ්ද වෙයව්යයි කීය. එවිට ඔහු වෙත සිටි සියල්ලෝ ඔහු කෙරෙන් පිටතට ගියෝය.


එවිට තාමර් ඇගේ සහෝදරවූ අම්නොන්ගේ ගෙට ගියාය; ඔහු නිදා සිටියේය. ඈ පිටි රැගෙන අනා ඔහුගේ ඇස් ඉදිරියේදී රොටි සාදා


අම්නොන්: මා නුඹේ අතින් කන පිණිස කෑම ඇතුල්ගෙට ගෙනෙන්නැයි තාමර්ට කීවේය. තාමර්ද ඈ සෑදූ රොටි රැගෙන ඇතුල් ගෙයි උන් ඇගේ සහෝදරවූ අම්නොන් ළඟට ගෙනගියාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්