විනිශ්චයකාරයෝ 3:17 - Sinhala Revised Old Version මෝවබ්හි රජවූ එග්ලොන්ට ඒ තෑග්ග ඔප්පුකෙළේය. එග්ලොන් වනාහි ඉතා තර මනුෂ්‍යයෙකි. Sinhala New Revised Version මෝවබ්ගේ රජ වූ එග්ලොන්ට ඒ කප්පම පිරිනැමී ය. එග්ලොන් වනාහි ඉතා තර මිනිසෙකි. Sinhala New Revised Version 2018 මෝවබ්ගේ රජ වූ එග්ලොන්ට ඒ කප්පම පිරිනැමී ය. එග්ලොන් වනාහි ඉතා තර මිනිසෙකි. |
ඔව්හු තරවී දිලිහෙති. එසේය, ඔව්හු අධික ලෙස දුෂ්ටකම් කරති. සඵලවන පිණිස යුක්තිය එනම් පියා නැත්තාගේ කාරණය ඔව්හු නොඅසති; දිළිඳුන්ගේ යුක්තියත් විනිශ්චය නොකරති.
මාගේ උරුමය කොල්ලකන තැනැත්තෙනි, නුඹලා ප්‍රීති සන්තෝෂවෙන නිසාත්, ගොයම් මඩින එළනෑම්බියෙකු මෙන් පැනනගින නිසාත්, ශක්තිමත් අශ්වයන් මෙන් හේෂාරවය කරන නිසාත්,
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ ඔවුන්ට මෙසේ කියනසේක: බලව, මමම තර සිව්පාවුන් සහ කෙට්ටු සිව්පාවුන් අතරේ විනිශ්චයකරන්නෙමි.
ඒහුද් තෙමේ රියනක් දිග ඇති දෙමුවහත් කඩුවක් සාදාගෙන එය තමාගේ දකුණු කළවේ තමාගේ ඇඳුම් යට බැඳගන ගොස්,
ඔව්හු ඒ ප්‍රස්තාවේදී මෝවබ්වරුන් දසදහසක් පමණ මැරුවෝය. ඔවුන් සියල්ලෝම ශක්තිමත්ව සියල්ලෝම බලවන්තයෝව සිටියෝය; එක්කෙනෙක්වත් ගැළවුණේ නැත.
මාගේ වාසස්ථානයෙහි ඔප්පු කරන්ට මා අණකර තිබෙන මාගේ යාගයටත් මාගේ පූජාවටත් නුඹලා පයින් ගසන්නෙත්, මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු පූජාවල ඉතා හොඳ කොට්ඨාසවලින් නුඹලාම තරකරගන්න පිණිස නුඹ මට වඩා නුඹේ පුත්‍රයන්ට ගෞරවකරන්නෙත් මක්නිසාද?