දෙවියන්වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවූසේක, දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවූසේක; පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවූසේක.
විනිශ්චයකාරයෝ 21:22 - Sinhala Revised Old Version ඉතින් ඔවුන්ගේ පියවරුන් හෝ සහෝදරයන් හෝ අප ඉදිරියෙහි පැමිණිලිකරන්ට ආවාම අපි ඔවුන්ට කථාකොට: කරුණාවෙන් ඔවුන් අපට දුනමැනවි; මක්නිසාද අපි යුද්ධයේදී එක එකාට භාර්යාවක් ඉතුරු නොකෙළෙමුව, නුඹලාත් ඔවුන් ඔවුන්ට දුන්නේ නැත; දුන්නා නම් නුඹලා වරදකාරයෝ වන්නහුයයි කියන්නෙමුයයි ඔවුන්ට කීවෝය. Sinhala New Revised Version ඉතින් ඔවුන්ගේ පියවරුන් හෝ සහෝදරයන් හෝ අප ඉදිරියෙහි පැමිණිලි කරන්නට පැමිණි විට, අපි ඔවුන්ට කතා කොට, ‘කරුණාවෙන් ඔවුන් අපට දුන මැනව. මන්ද, අපි යුද්ධයේ දී එක එකාට භාර්යාවක ඉතිරි නොකෙළෙමු. ඔබවත් ඔවුන්ට භාර්යාවන් දුන්නේ නැත. ඔබ දුන්නහු නම් වරදකරුවෝ වන්නහු ය’යි කියන්නෙමු.” Sinhala New Revised Version 2018 ඉතින් ඔවුන්ගේ පියවරුන් හෝ සහෝදරයන් හෝ අප ඉදිරියෙහි පැමිණිලි කරන්නට පැමිණි විට, අපි ඔවුන්ට කතා කොට, ‘කරුණාවෙන් ඔවුන් අපට දුන මැනව. මන්ද, අපි යුද්ධයේ දී එක එකාට භාර්යාවක ඉතිරි නොකෙළෙමු. ඔබවත් ඔවුන්ට භාර්යාවන් දුන්නේ නැත. ඔබ දුන්නහු නම් වරදකරුවෝ වන්නහු ය’යි කියන්නෙමු.” |
දෙවියන්වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවූසේක, දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවූසේක; පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවූසේක.
එම දවසෙහිම නෝවාද නෝවාගේ පුත්‍රයන්වූ ෂෙම්, හාම් සහ යඵෙත්ද නෝවාගේ භාර්යාවද ඔහුගේ පුත්‍රයන් සමඟ ඔවුන්ගේ භාර්යාවන් තුන්දෙනාද නැවට ඇතුල්වූවෝය;
නුමුත් වේශ්‍යාකම් නිසා එක එක පුරුෂයා තම තමාගේම භාර්යාවද එක එක ස්ත්‍රී තම තමාගේ පුරුෂයාද ඇතිව සිටීවා.
අපෙන් කිසිවෙක් තමාගේ දුවෙකු බෙන්යමින් මනුෂ්‍යයෙකුට භාර්යාකොට නොදෙන්නෙමුයයි ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් විසින් මිශ්පාහිදී දිවුරා තිබුණේය.
එකල බෙන්යමින්වරු හැරී ආවෝය; ඔව්හු යාබෙෂ්-ගිලියද්හි ස්ත්‍රීන්ගෙන් ඉතුරුකළ ස්ත්‍රීන් ඔවුන්ට දුන්නෝය. ඒත් ඔවුන්ට මදි විය.
එහෙත් අපට අපේ දූවරුන්ගෙන් ඔවුන්ට භාර්යාවන් දෙන්ට බැරිය. මක්නිසාද බෙන්යමින් මනුෂ්‍යයෙකුට භාර්යාවක් දෙන තැනැත්තාට ශාපවේවයි කියා ඉශ්‍රායෙල් පුත්‍රයෝ දිවුළෝයයි කීවෝය.
ඔවුන්ගෙන් ඉතුරුව සිටින්නන්ට භාර්යාවන් ලැබෙන පිණිස අපි කුමක් කරමුද? අපේ දූවරුන් ඔවුන්ට භාර්යාවන්කොට නොදෙන හැටියට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දිවුළෙමුයයි කීවෝය.