යාකොබ්ගේ පුත්‍රයෝ ඒ අසා කෙතේ සිට ආවෝය. ඔහු යාකොබ්ගේ දුව සමඟ සයනයකිරීමෙන් ඉශ්‍රායෙල් අතරේ නොකටයුතු වූ නින්දිතකමක් කළ හෙයින් ඒ මනුෂ්‍යයෝ ශෝකව ඉතා කෝපවූහ.
විනිශ්චයකාරයෝ 20:6 - Sinhala Revised Old Version එවිට මම මාගේ උපභාර්යාව අරන් ඈ කොට්ඨාසවලට කපා, ඉශ්‍රායෙල්වරුන්ගේ උරුමයේ සියලු පළාත්වලට හැරියෙමි. මක්නිසාද ඔව්හු ඉශ්‍රායෙල්හි දූෂ්‍යකමක්ද නින්දිතකමක්ද කළෝය. Sinhala New Revised Version එවිට මම මාගේ උපභාර්යාවගේ සිරුර ගෙන, එය කොටස්වලට කපා, ඉශ්රායෙල්වරුන්ට අයිති සියලු පළාත්වලට ඇරියෙමි. එසේ කෙළේ, ඔවුන් ඉශ්රායෙල්හි දුෂ්ටකමක් ද නින්දිතකමක් ද කළ බැවිනි. Sinhala New Revised Version 2018 එවිට මම මාගේ උපභාර්යාවගේ සිරුර ගෙන, එය කොටස්වලට කපා, ඉශ්රායෙල්වරුන්ට අයිති සියලු පළාත්වලට ඇරියෙමි. එසේ කෙළේ, ඔවුන් ඉශ්රායෙල්හි දුෂ්ටකමක් ද නින්දිතකමක් ද කළ බැවිනි. |
යාකොබ්ගේ පුත්‍රයෝ ඒ අසා කෙතේ සිට ආවෝය. ඔහු යාකොබ්ගේ දුව සමඟ සයනයකිරීමෙන් ඉශ්‍රායෙල් අතරේ නොකටයුතු වූ නින්දිතකමක් කළ හෙයින් ඒ මනුෂ්‍යයෝ ශෝකව ඉතා කෝපවූහ.
මේ කිසිවකින් තමුන්ම කිලුටුකර නොගන්න. මක්නිසාද මා විසින් නුඹලා ඉදිරියෙන් පහකරන ජාතීහු මේ සියලු දේවලින් අපවිත්‍රව සිටිති.
එබැවින් නුඹලාට පළමුවෙන් කරනලද මේ පිළිකුල් සිරිත්වලින් කිසිවක් පවත්වා නුඹලා ඒවායින් අපවිත්‍ර නොවෙන පිණිස, මාගේ නියමය රක්ෂාකරන්න. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි කීසේක.
කැපවූ දෙය ගත් තැනැත්තා අසුවූ කල්හි ඔහු ස්වාමීන්වහන්සේගේ ගිවිසුම කඩකළ නිසාත්, ඉශ්‍රායෙල්හි දුෂ්ටකමක් කළ නිසාත්, ඔහු හා ඔහු සන්තක සියල්ල ගින්නෙන් පුලුස්සා දමනු ලැබේයයි කියන්නැයි කීසේක.
ඔවුන් තමුන්ගේ සිත් සන්තෝෂකරගන්න අතර, දුර්ජනයෝව සිටි ඒ නුවර සමහර මනුෂ්‍යයෝ ගේ වටකර සිට, දොරට ගසමින්, ගෙදර ස්වාමියාවූ මහලු මනුෂ්‍යයාට කථාකොට: නුඹේ ගෙදරට ඇවිත් සිටින මනුෂ්‍යයා අප විසින් ඇඳිනගන්නා පිණිස ඔහු පිටතට ගෙනෙන්නැයි කීවෝය.
එවිට ගෙදර ස්වාමියාවූ ඒ මනුෂ්‍යයා පිටතට ඔවුන් වෙතට ගොස් ඔවුන්ට කථාකොට: අනේ මාගේ සහෝදරයෙනි, එසේ නොවේවා, එපමණ දූෂ්‍යකම් නොකරන්න; මේ මනුෂ්‍යයා මාගේ ගෙට ඇවිත් සිටිද්දී ඔය නින්දිතකම නොකරන්න.
ඔහු තමාගේ ගෙදරට පැමිණි කල පිහියක් ගෙන, තමාගේ උපභාර්යාව අල්ලා, ඇගේ ඇටවල ප්‍රකාරයට ඈ කොට්ඨාස දොළහකට කපා, ඉශ්‍රායෙල්වරුන්ගේ සියලු පළාත්වලට හැරියේය.
සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් මනුෂ්‍යයන් සියයට දසදෙනෙක්ද දහසකට සියයක්ද දස දහසකට දහසක්ද බැගින් සෙනඟට ආහාර ගෙනෙන පිණිස අපි නියමකරගන, ඔවුන් ආවාම බෙන්යමින්ට අයිති ගිබියාහි මනුෂ්‍යයන් විසින් ඉශ්‍රායෙල්හි කළ මුළු නින්දිතකම ප්‍රකාරයට ඔවුන්ට කරන්නෙමුයයි කීවෝය.