Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 18:30 - Sinhala Revised Old Version

30 එබැවින් නුඹලාට පළමුවෙන් කරනලද මේ පිළිකුල් සිරිත්වලින් කිසිවක් පවත්වා නුඹලා ඒවායින් අපවිත්‍ර නොවෙන පිණිස, මාගේ නියමය රක්ෂාකරන්න. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 “එබැවින් නුඹලා මාගේ නියෝගයන් පිළිපැදිය යුතු ය. නුඹලාට කලින් කරන ලද මෙකී පිළිකුල් සිරිත්වලින් කිසිවක් නුඹලා නොකළ යුතු ය. එවිට ඒවායින් නුඹලා කෙලෙසා නොගන්නහු ය. මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 “එබැවින් නුඹලා මාගේ නියෝගයන් පිළිපැදිය යුතු ය. නුඹලාට කලින් කරන ලද මෙකී පිළිකුල් සිරිත්වලින් කිසිවක් නුඹලා නොකළ යුතු ය. එවිට ඒවායින් නුඹලා කෙලෙසා නොගන්නහු ය. මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 18:30
14 හුවමාරු යොමු  

නුඹලා ඉදිරියෙන් මා විසින් පහකරනු ලබන සෙනඟගේ සිරිත් ප්‍රකාරයට නොහැසිරෙන්න. මක්නිසාද ඔවුන් මේ සියලු දේවල් කළ නිසා මම ඔවුන් පිළිකුල්කෙළෙමි.


එබැවින් ඔව්හු මාගේ නියමය දූෂණයකොට, ඒ නිසා පාපය දරා, එහි නොනසින පිණිස එය රක්ෂාකරත්වා. මම ඔවුන් විශුද්ධකරන ස්වාමීන්වහන්සේය.


එබැවින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරමින් උන්වහන්සේගේ නියමයන්ද පනත්ද විනිශ්චයන්ද ආඥාද නිතර පවත්වන්න.


මක්නිසාද කවුරු නුමුත් මේ පිළිකුල්කම්වලින් කිසිවක් කළොත් එසේ කරන අය තමුන්ගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නෝය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:


ඔවුන් නුඹ ඉදිරියෙන් විනාශකරනු ලැබූ පසු, නුඹ ඔවුන් අනුව යාමට අසුනොවෙන හැටියටත්: මේ ජාතීන් තමුන්ගේ දෙවිවරුන්ට සේවය කරන්නේ කෙලෙසද, මමත් එලෙස කරන්නෙමියි කියමින් ඔවුන්ගේ දෙවිවරුන් ගැන විභාග නොකරන හැටියටත් බලාගන්න.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹ විසින් එයාකාර නොකළ යුතුය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ද්වේෂකරන්නාවූ පිළිකුල්කරන්නාවූ සියලු දේවල් ඔව්හු තමුන්ගේ දෙවිවරුන් සඳහා කළෝය; ඔවුන්ගේ පුත්‍රයන්ද ඔවුන්ගේ දූවරුන්ද පවා ඔවුන්ගේ දෙවිවරුන්ට ගින්නේ දවා පූජාකරති.


එවිට මම මාගේ උපභාර්යාව අරන් ඈ කොට්ඨාසවලට කපා, ඉශ්‍රායෙල්වරුන්ගේ උරුමයේ සියලු පළාත්වලට හැරියෙමි. මක්නිසාද ඔව්හු ඉශ්‍රායෙල්හි දූෂ්‍යකමක්ද නින්දිතකමක්ද කළෝය.


සොදාමියයෝද දේශයෙහි සිටියෝය. ඔව්හු ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නාදැමූ ජාතීන්ගේ සියලු පිළිකුල් ක්‍රියා ප්‍රකාරයට කළෝය.


ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරිපිටින් පන්නාදැමූ අමෝරිවරුන් කළ සියල්ල ලෙස ඔහු දේව රූප පස්සේ ගොස් ඉතා පිළිකුල් ලෙස ක්‍රියාකෙළේය)


මේ කාරණා නිමවූ කල අධිපතීහු මා ළඟට ඇවිත් කථාකොට: ඉශ්‍රායෙල් සෙනඟත් පූජකයොත් ලෙවීවරුත් දේශවල වැසියන්වූ කානාන්වරුන්ගේද හිත්තීවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද යෙබූසිවරුන්ගේද අම්මෝනිවරුන්ගේද මෝවබ්වරුන්ගේද මිසරවරුන්ගේද අමෝරිවරුන්ගේද පිළිකුල් ක්‍රියා කරමින්, ඔවුන්ගෙන් වෙන්නොවී සිට,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්