ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 20:43 - Sinhala Revised Old Version

ඔව්හු බෙන්යමින්වරුන් හැම අතින් වටකරගන, නැගෙනහිරින් ගිබියාට පැමිණෙන තුරු ඔවුන් පස්සේ එළවාගන ගොස්, ඔවුන් නැවතුණ තැනදී ඔවුන් පාගාදැමුවෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔව්හු බෙන්ජමින්වරුන් හැම අතින් ම වට කරගෙන නැගෙනහිර ගිබියාවට පැමිණෙන තුරු ඔවුන් ලුහුබැඳ ගොස්, ඔවුන් නතරවුණ තැනේ දී ඔවුන් පාගා දැමුවෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔව්හු බෙන්ජමින්වරුන් හැම අතින් ම වට කරගෙන නැගෙනහිර ගිබියාවට පැමිණෙන තුරු ඔවුන් ලුහුබැඳ ගොස්, ඔවුන් නතරවුණ තැනේ දී ඔවුන් පාගා දැමුවෝ ය.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 20:43
4 හුවමාරු යොමු  

අහෝ ඉශ්‍රායෙල්, නුඹ ගිබියාහි දවස්වල පටන් පව්කෙළෙහිය. එහි ඔව්හු නැවතී සිටිති; දුෂ්ටකමේ පුත්‍රයන්ට විරුද්ධව පැමිණෙන යුද්ධයට ඔව්හු ගිබියාහිදී අසුනොවන්නෝද?


ගිබියාහි දවස්වලදී මෙන් ඔව්හු අධිකලෙස තමුන්ම දූෂ්‍යකරගත්තෝය. උන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම සිහිකර, ඔවුන්ගේ පාපවලට දඬුවම්කරනසේක.


මෙසේ බෙන්යමින්වරුන්ගෙන් මනුෂ්‍යයන් දහඅට දාහක් වැටුණෝය; ඔවුන් සියල්ලෝ වික්‍රමාන්විත මනුෂ්‍යයෝය.