ඔව්හු දකුණතින්ද වමතින්ද ගල් විසිකරන්ටත් දුන්නෙන් ඊගස් විදින්ටත් පුරුදු දුනුවායෝව, බෙන්යමින්හි සාවුල්ගේ සහෝදරයෝව සිටියෝය.
විනිශ්චයකාරයෝ 20:16 - Sinhala Revised Old Version මේ මුළු සෙනඟ අතරේ වමත හුරුවූ තෝරාගත් මනුෂ්‍යයෝ සත්සියයක් වූවෝය; ඔවුන් සියල්ලෝම හිසකේ ගහක් පමණවත් නොවරද්දා ගල් පටියකින් ගල් විදින්ට පුළුවන් අයය. Sinhala New Revised Version මේ මුළු සෙනඟ අතර තෝරාගත් වමත හුරු මිනිස්සු සත්සියයක් වූ හ. ඔව්හු සියල්ලෝ ම කෙස් ගසක් පමණ වත් නොවරදා ගල් පටියකින් ගල් විදින්නට දක්ෂ අය ය. Sinhala New Revised Version 2018 මේ මුළු සෙනඟ අතර තෝරාගත් වමත හුරු මිනිස්සු සත්සියයක් වූ හ. ඔව්හු සියල්ලෝ ම කෙස් ගසක් පමණ වත් නොවරදා ගල් පටියකින් ගල් විදින්නට දක්ෂ අය ය. |
ඔව්හු දකුණතින්ද වමතින්ද ගල් විසිකරන්ටත් දුන්නෙන් ඊගස් විදින්ටත් පුරුදු දුනුවායෝව, බෙන්යමින්හි සාවුල්ගේ සහෝදරයෝව සිටියෝය.
උස්සියා ඒ මුළු සේනාවට පලිස්ද හෙල්ලද තොප්පිද යුද්ධ සැට්ටද දුනුද වීසිකිරීමට ගල්ද පිළියෙළ කෙළේය.
බෙන්යමින්වරුන් හැර කඩුව පාවිච්චි කරන ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ සාර ලක්ෂයක් ගණන්කරනු ලැබුවෝය. මේ සියල්ලෝම යුද්ධකාරයෝය.
එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේට මොරගැසූ කල ස්වාමීන්වහන්සේ ගැළවුම්කාරයෙකු ඔවුන්ට නැගුටුවාදුන්සේක. ඔහු වනාහි බෙන්යමින් ගෝත්‍රයට අයිති ගේරාගේ පුත්‍රවූ වමත හුරු මනුෂ්‍යයෙක්වූ ඒහුද්ය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝවබ්හි රජවූ එග්ලොන්ට ඔහු අත තෑග්ගක් යැවුවෝය.
ඒවා ගළවා දමා, තමාගේ සැරයටිය අතින්ගෙන, දොළෙන් සිලුටු ගල් පහක් තෝරාගෙන තමා ළඟ තිබුණු එඬේර මල්ලේ එනම් පසුම්බියේ දමාගන, අතින් ගල්පටිය අරන් පිලිස්තියයා දෙසට යන්ට ගියේය.
ඔබ පස්සේ එළවාගන ඇවිත් ඔබගේ ප්‍රාණය හානිකරන්ට මනුෂ්‍යයෙක් නැගුටුණත්, මාගේ ස්වාමියාගේ ප්‍රාණය ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙත ජීවතුන්ගේ මිටියෙහි බඳිනු ලැබ, ඔබගේ සතුරන්ගේ ප්‍රාණ උන්වහන්සේ ගල් පටියෙන් මෙන් විසිකරදමනසේක.