Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 20:17 - Sinhala Revised Old Version

17 බෙන්යමින්වරුන් හැර කඩුව පාවිච්චි කරන ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ සාර ලක්ෂයක් ගණන්කරනු ලැබුවෝය. මේ සියල්ලෝම යුද්ධකාරයෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 බෙන්ජමින්වරුන් හැර, කඩු රැගත් ඉශ්රායෙල්වරු සාරලක්ෂයක් ගණන් කරනු ලැබූ හ. ඔව්හු පලපුරුදු යුද්ධ භටයෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 බෙන්ජමින්වරුන් හැර, කඩු රැගත් ඉශ්රායෙල්වරු සාරලක්ෂයක් ගණන් කරනු ලැබූ හ. ඔව්හු පලපුරුදු යුද්ධ භටයෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 20:17
10 හුවමාරු යොමු  

යෙරුසලමට ඇවිත්, ගණන්ගත් සෙනඟගේ මුළු ගණන දාවිත්ට දුන්නේය. කඩුව පාවිච්චිකරන ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් සියල්ලෝ එකොළොස් ලක්ෂයක්ය. කඩුව පාවිච්චිකරන යූදා මනුෂ්‍යයෝ හාරලක්ෂ සැත්තෑ දහසක්ය.


සාවුල් සෙනඟ එකතුකරවා තෙලායිම්හිදී ඔවුන් ගණන්කෙළේය, පාබළ සෙනඟ දෙලක්ෂයක්ද යූදා මනුෂ්‍යයෝ දසදහසක්ද සිටියෝය.


ඔහු බෙශෙක්හිදී ඔවුන් ගණන්කෙළේය; ඉශ්‍රායෙල් පුත්‍රයන් තුන් ලක්ෂයක්ද යූදා මනුෂ්‍යයන් තිස්දාහක්ද සිටියෝය.


එවිට මුළු සෙනඟ වන සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවල ප්‍රධානීහු කඩුව පාවිච්චිකරන පාබළ මනුෂ්‍යයන් හාර ලක්ෂයක්වූ, දෙවියන්වහන්සේගේ සෙනඟවූ සභාව මැද නැගිට සිටියෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් ගණන්කරනු ලැබූ ඔව්හු සලක්ෂ එක්දාස් හත්සිය තිස්දෙනෙක්ය.


ගණන්කරනු ලැබූ සියලුම ඉශ්‍රායෙල්වරු සලක්ෂ තුන්දාස් පන්සිය පනස්දෙනෙක්ය.


මේ මුළු සෙනඟ අතරේ වමත හුරුවූ තෝරාගත් මනුෂ්‍යයෝ සත්සියයක් වූවෝය; ඔවුන් සියල්ලෝම හිසකේ ගහක් පමණවත් නොවරද්දා ගල් පටියකින් ගල් විදින්ට පුළුවන් අයය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ පිටත්ව බෙතෙල්ට ගොස්: බෙන්යමින් පුත්‍රයන්ට විරුද්ධව යුද්ධකරන්ට අපෙන් පළමුව යායුතු කවුදැයි දෙවියන්වහන්සේගෙන් විචාළෝය. යූදාවරු පළමුව යෙත්වයි ස්වාමීන්වහන්සේ කීසේක.


සෙනඟ එනම් ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ ධෛර්ය වඩා තමුන් පළමුවෙනි දවසේදී පිළිවෙළින් සිටි ස්ථානයෙහි නැවත යුද්ධයට පිළිවෙළින් සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්