ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 19:6 - Sinhala Revised Old Version

මෙසේ ඔවුන් දෙදෙනා හිඳගෙන එක්ව කෑවෝය, බීවෝය. තවද යෞවනියගේ පියා ඒ මනුෂ්‍යයාට කථාකොට: අනේ අද රාත්‍රියේ නවතින්ට සතුටු වෙන්න, නුඹේ සිත සන්තෝෂවේවයි ඒ මනුෂ්‍යයාට කීවේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මෙසේ ඔව්හු දෙදෙන හිඳගෙන එක් ව ආහාර පාන ගත්හ. තවද, තරුණියගේ පියා ඒ මිනිසාට කතා කොට, “අනේ, අද රාත්‍රියේත් කරුණාකර නවතින්න; එසේ නැවතී සොම්නස් වන්නැ”යි ඒ මිනිසාට කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මෙසේ ඔව්හු දෙදෙන හිඳගෙන එක් ව ආහාර පාන ගත්හ. තවද, තරුණියගේ පියා ඒ මිනිසාට කතා කොට, “අනේ, අද රාත්‍රියේත් කරුණාකර නවතින්න; එසේ නැවතී සොම්නස් වන්නැ”යි ඒ මිනිසාට කීවේ ය.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 19:6
15 හුවමාරු යොමු  

අබ්සලොම් තමාගේ වැඩකාරයන්ට අණකරමින්: මෙන්න, බලන්න, අම්නොන්ගේ සිත මුද්‍රික පානයෙන් ප්‍රීතිවී තිබෙන විට–අම්නොන්ට පහරදෙන්නැයි මා නුඹලාට කීවාම ඔහු මරන්න, භයනොවෙන්න. නුඹලාට අණකෙළේ මම නොවෙම්ද? ධෛර්යවත්ව වික්‍රමාන්විතව සිටින්නැයි කීවේය.


ඔහුගේ භාර්යාවවූ යෙසෙබෙල්: දැන් ඉශ්‍රායෙල් රාජ්‍යය පාලනයකරන්නේ නුඹ නොවේද? නැගිට කෑම කා නුඹේ සිත ප්‍රීතිකරගන්න. මම යෙස්‍රෙයෙලිය නාබොත්ගේ මිදිවත්ත නුඹට දෙන්නෙමියි ඔහුට කීවාය.


සත්වෙනිදා රජුගේ සිත මුද්‍රිකපානයෙන් පිනාගිය විට, වස්තී බිසව පෙනීමට ඉතා ලක්ෂණ නිසා ඇගේ අලංකාරකම ජනයන්ටත් අධිපතීන්ටත් පෙන්වන පිණිස,


මනුෂ්‍යයාගේ සිත සතුටුකරන මුද්‍රිකපානයත්, ඔහුගේ මුහුණ පැහැපත්කරන්ට තෙලුත්, සිත ශක්තිමත්කරන ආහාරත් හටගන්වනසේක.


ප්‍රාණය, නුඹට බොහෝ අවුරුදු ගණනකට හොඳවූ බොහෝ දේ රැස්කර තිබේ. පහසුගෙන, කා බී, ප්‍රීතියෙන් සිටින්නැයි මාගේ ප්‍රාණයට කියමියි කීවේය.


සමාදානයය, අනතුරක් නැත කියා කියන විට ගර්භණියට විලිරුජාව පැමිණෙන්නාක්මෙන් හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ; ඔව්හුද කිසිසේත් නොගැළවෙන්නෝය.


මේ ප්‍රොපේතවරුන් දෙදෙන පොළොවේ වසන්නන්ට වධකළ නිසා, පොළොවේ වසන්නෝ ඔවුන් ගැන ප්‍රීතිව සන්තෝෂවෙමින් එකිනෙකාට තෑගි යවන්නෝය.


එම පැයේදීම මහත් භූමිකම්පාවක් වී, නුවරින් දසයෙන් කොටසක් වැටුණෝය; භූමිකම්පාවෙන් මනුෂ්‍යයන් සත්දහසක් මැරුණෝය. ඉතිරි අය භයපත්ව, ස්වර්ගයේ දෙවියන්වහන්සේට ගෞරව දුන්නෝය.


ඔවුන්ගේ සිත් ප්‍රීතිමත්වූ කල: අපට ක්‍රීඩා පෙන්වන්ට සම්සොන්ට අඬගසන්නැයි කියා ඔව්හු හිරගෙයින් ඔහු අඬගස්වාගත්තෝය; ඔහු ඔවුන් ඉදිරියේ ක්‍රීඩා කෙළේය. ඔව්හු කුළුනු කණු අතරේ ඔහු සිටෙවුවෝය.


ඒ මනුෂ්‍යයා යන්ට නැගුටුණු විට ඔහුගේ මාමා පෙරැත්ත කළ නිසා ඔහු නැවත එහි සිටියේය.


ඒ මනුෂ්‍යයා සහ ඔහුගේ උප භාර්යාවද වැඩකාරයාද යන්ට නැගුටුණු විට ඔහුගේ මාමා වන යෞවනියගේ පියා ඔහුට කථාකොට: දැන් සවස්වේගන එයි, අනේ මුළු රාත්‍රියේ සිටින්න. ඉර බහින්ට ළඟය, රාත්‍රියේ මෙහි සිට නුඹේ සිත සන්තෝෂකරගන හෙට නුඹලාගේ ගමනට වේලාසනින් නැගිට ගෙදර යන්ට පිටත්වෙන්නැයි කීවේය.


තවද ඔව්හු කෙත්වලට ගොස් තමුන්ගේ මිදි වතුවලින් ඵල නෙළා මැඩගෙන මංගල්‍ය පවත්වමින්, තමුන්ගේ දෙවියන්ගේ ගෘහයට ඇතුල්වී කා බී අබිමෙලෙක්ට දෙස් කීවෝය.


බෝවස් කා බී ඔහුගේ සිත ප්‍රීතිවූ කල, ඔහු ධාන්‍ය ගොඩේ කෙළවරෙහි නිදාගන්ට ගියේය. ඈද හෙමින් අවුත් ඔහුගේ පාදවලින් වැස්ම ඇර නිදාගත්තාය.


අබීගායිල් නාබල් ළඟට පැමිණිවිට, රාජ මංගල්‍යයක් මෙන් ඔහු තමාගේ ගෙදර මංගල්‍යයක් පවත්වමින් සිටියේය; තවද නාබල්ගේ සිත ප්‍රීතිමත්ව තිබුණේය, මක්නිසාද ඔහු හොඳටම මත්වී සිටියේය. එබැවින් පසුවදා එළිවෙන තුරු ඈ කිසිවක් ඔහුට දැන්නුවේ නැත.