Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රූත් 3:7 - Sinhala Revised Old Version

7 බෝවස් කා බී ඔහුගේ සිත ප්‍රීතිවූ කල, ඔහු ධාන්‍ය ගොඩේ කෙළවරෙහි නිදාගන්ට ගියේය. ඈද හෙමින් අවුත් ඔහුගේ පාදවලින් වැස්ම ඇර නිදාගත්තාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 බෝවස් කා බී ඉවර වී සතුටු සොම්නසින් සිටියේ ය. ඔහු ගොස් බාර්ලි ගොඩගසා තිබුණ තැන අසලින් නිදාගැනීමට වැතිරුණේ ය. රූත් හෙමිහිට ගොස් ඔහුගේ පා වසා තිබුණ පොරෝනාව ඉවත් කොට නිදාගත්තා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 බෝවස් කා බී ඉවර වී සතුටු සොම්නසින් සිටියේ ය. ඔහු ගොස් බාර්ලි ගොඩගසා තිබුණ තැන අසලින් නිදාගැනීමට වැතිරුණේ ය. රූත් හෙමිහිට ගොස් ඔහුගේ පා වසා තිබුණ පොරෝනාව ඉවත් කොට නිදාගත්තා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රූත් 3:7
18 හුවමාරු යොමු  

සත්වෙනිදා රජුගේ සිත මුද්‍රිකපානයෙන් පිනාගිය විට, වස්තී බිසව පෙනීමට ඉතා ලක්ෂණ නිසා ඇගේ අලංකාරකම ජනයන්ටත් අධිපතීන්ටත් පෙන්වන පිණිස,


මෙසේ ඔවුන් දෙදෙනා හිඳගෙන එක්ව කෑවෝය, බීවෝය. තවද යෞවනියගේ පියා ඒ මනුෂ්‍යයාට කථාකොට: අනේ අද රාත්‍රියේ නවතින්ට සතුටු වෙන්න, නුඹේ සිත සන්තෝෂවේවයි ඒ මනුෂ්‍යයාට කීවේය.


අබ්සලොම් තමාගේ වැඩකාරයන්ට අණකරමින්: මෙන්න, බලන්න, අම්නොන්ගේ සිත මුද්‍රික පානයෙන් ප්‍රීතිවී තිබෙන විට–අම්නොන්ට පහරදෙන්නැයි මා නුඹලාට කීවාම ඔහු මරන්න, භයනොවෙන්න. නුඹලාට අණකෙළේ මම නොවෙම්ද? ධෛර්යවත්ව වික්‍රමාන්විතව සිටින්නැයි කීවේය.


ඒ මනුෂ්‍යයා සහ ඔහුගේ උප භාර්යාවද වැඩකාරයාද යන්ට නැගුටුණු විට ඔහුගේ මාමා වන යෞවනියගේ පියා ඔහුට කථාකොට: දැන් සවස්වේගන එයි, අනේ මුළු රාත්‍රියේ සිටින්න. ඉර බහින්ට ළඟය, රාත්‍රියේ මෙහි සිට නුඹේ සිත සන්තෝෂකරගන හෙට නුඹලාගේ ගමනට වේලාසනින් නැගිට ගෙදර යන්ට පිටත්වෙන්නැයි කීවේය.


සිනාසීම පිණිස භෝජන පිළියෙළකරනු ලැබේ, මුද්‍රිකපානයද ජීවිතය ප්‍රීතිකරයි. තවද මුදලෙන් සියලුදේ ඉෂ්ටවෙයි.


නුඹ ගොස් ප්‍රීතියෙන් නුඹේ කෑම කා තුෂ්ටිමත් සිතින් නුඹේ මුද්‍රිකපානය බොන්න; මක්නිසාද දෙවියන්වහන්සේ නුඹේ වැඩවලට දැන් ප්‍රසන්නව සිටිනසේක.


එවිට ප්‍රීතිය හොඳයයි සිතුවෙමි, මක්නිසාද කා බී ප්‍රීතිවීමට වඩා ඉර යට මනුෂ්‍යයාට හොඳ දෙයක් නැත්තේය. දෙවියන්වහන්සේ ඉර යට ඔහුට දෙන ඔහුගේ ජීවිතයේ දවස්වල ඔහුගේ වෙහෙසීමෙන් ඔහුට ඉතිරිවන්නේ ඒකය.


කා බී තමාගේ වැඩෙන් සැපය භුක්තිවිඳින්ට තමාගේ ප්‍රාණයට ඉඩදෙනවාට වඩා හොඳ යසසක් මනුෂ්‍යයෙකුට නැත. මේකත් දෙවියන්වහන්සේගේ අතින් පැමිණෙන බව මම දුටිමි.


මනුෂ්‍යයාගේ සිත සතුටුකරන මුද්‍රිකපානයත්, ඔහුගේ මුහුණ පැහැපත්කරන්ට තෙලුත්, සිත ශක්තිමත්කරන ආහාරත් හටගන්වනසේක.


එහෙයින් නුඹලා කතත් බොතත් වෙන යමක් කරතත් සියල්ල දෙවියන්වහන්සේගේ ගෞරවය පිණිස කරන්න.


ඔහුගේ භාර්යාවවූ යෙසෙබෙල්: දැන් ඉශ්‍රායෙල් රාජ්‍යය පාලනයකරන්නේ නුඹ නොවේද? නැගිට කෑම කා නුඹේ සිත ප්‍රීතිකරගන්න. මම යෙස්‍රෙයෙලිය නාබොත්ගේ මිදිවත්ත නුඹට දෙන්නෙමියි ඔහුට කීවාය.


ඔවුන් තමුන්ගේ සිත් සන්තෝෂකරගන්න අතර, දුර්ජනයෝව සිටි ඒ නුවර සමහර මනුෂ්‍යයෝ ගේ වටකර සිට, දොරට ගසමින්, ගෙදර ස්වාමියාවූ මහලු මනුෂ්‍යයාට කථාකොට: නුඹේ ගෙදරට ඇවිත් සිටින මනුෂ්‍යයා අප විසින් ඇඳිනගන්නා පිණිස ඔහු පිටතට ගෙනෙන්නැයි කීවෝය.


ඔවුන්ගේ සිත් ප්‍රීතිමත්වූ කල: අපට ක්‍රීඩා පෙන්වන්ට සම්සොන්ට අඬගසන්නැයි කියා ඔව්හු හිරගෙයින් ඔහු අඬගස්වාගත්තෝය; ඔහු ඔවුන් ඉදිරියේ ක්‍රීඩා කෙළේය. ඔව්හු කුළුනු කණු අතරේ ඔහු සිටෙවුවෝය.


ඔහු තමන් ඉදිරියෙන් කෑම කොටස් ඔවුන්ට යැවුවේය. ඔවුන් සියල්ලන්ගේ කොටස්වලට වඩා බෙන්යමින්ගේ කොටස පස් වරක් වැඩිව තිබුණේය. ඔව්හු බී ඔහු සමඟ ප්‍රීතිමත් වූහ.


මුද්‍රිකපානයෙන් මත් නොවෙන්න, එයින් අනාචාරකම් හටගන්නේය;


ඈ පාවරට ගොස් ඇගේ නැන්දා ඈට අණකළ සියල්ල ලෙස කළාය.


මධ්‍යම රාත්‍රියේ ඒ මනුෂ්‍යයා භයපත්ව හැරී බලා, ස්ත්‍රියක් තමාගේ පාද ළඟ නිදාඉන්නවා දැක: නුඹ කවුදැයි ඇසීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්