ඔව්හු එප්‍රායිම් කඳු රටේ ගායෂ් කන්දට උතුරෙන් තිබෙන තිම්නාත්-සෙරා නම්වූ ඔහුගේ උරුම පළාතෙහි ඔහු තැන්පත්කළාහ.
විනිශ්චයකාරයෝ 18:13 - Sinhala Revised Old Version ඔව්හු එතැනින් එප්‍රායිම් කඳු රටට ගොස් මීකාගේ ගේ ළඟට පැමුණුණෝය. Sinhala New Revised Version ඔව්හු එතැනින් එප්‍රායිම් කඳු රටට ගොස් මීකාගේ නිවෙස ළඟට පැමිණියෝ ය. Sinhala New Revised Version 2018 ඔව්හු එතැනින් එප්‍රායිම් කඳු රටට ගොස් මීකාගේ නිවෙස ළඟට පැමිණියෝ ය. |
ඔව්හු එප්‍රායිම් කඳු රටේ ගායෂ් කන්දට උතුරෙන් තිබෙන තිම්නාත්-සෙරා නම්වූ ඔහුගේ උරුම පළාතෙහි ඔහු තැන්පත්කළාහ.
ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර්ද මළේය; ඔව්හු ඔහුගේ පුත්‍රවූ පීනෙහාස්ට එප්‍රායිම් කඳුරටෙහි දෙනලද හෙලේ ඔහු තැන්පත් කළෝය.
යුදයේ තිබෙන කිරියත්-යෙයාරීම්හි කඳවුරු බැන්දෝය. ඒ නිසා ඒ ස්ථානයට අද දක්වා මහෙන්-දාන්යයි කියති. බලව, ඒක කිරියත්-යෙයාරීම්ට එහායින් තිබේ.
එවිට ලායිෂ් රට සෝදිසිකරන්ට ගිය පස්දෙන තමුන්ගේ සහෝදරයන්ට කථාකොට: මේ ගෙවල්හි ඒඵොද් සැට්ටයක්ද තෙරඵීම් රූපද කැපූ රූපයක්ද වාත්තු පිළිමයක්ද තිබෙන බව නුඹලා දන්නවාද? ඉතින් දැන් නුඹලා විසින් කළ යුතු දේ කල්පනාකරන්නැයි කීවෝය.
තවද ඉශ්‍රායෙල්හි රජෙක් නොසිටිය ඒ දවස්වලදී එප්‍රායිම් කඳු රටේ එහා පැත්තේ එක්තරා ලෙවීයයෙක් වාසයකෙළේය. ඔහු වනාහි යුදයේ බෙත්-ලෙහෙමෙන් උප භාර්යාවක් පාවාගත්තේය,