විනිශ්චයකාරයෝ 18:1 - Sinhala Revised Old Version ඒ දවස්වල ඉශ්‍රායෙල්හි රජෙක් නොසිටියේය. තවද ඒ දවස්වලදී දාන් ගෝත්‍රය තමුන්ට වාසය කිරීම පිණිස උරුමයක් සෙවීය; මක්නිසාද ඒ දවස දක්වා ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරේ ඔවුන්ට උරුමයක් ලැබී තිබුණේ නැත. Sinhala New Revised Version ඒ කාලයේ ඉශ්රායෙල්හි රජ කෙනෙක් නොසිටියේ ය. තවද, ඒ දවස්වල දී දාන් ගෝත්‍රය තමන්ට වාසය කිරීම පිණිස ප්‍රදේශයක් සෙව්වෝ ය. එසේ කෙළේ, ඒ දවසේ ඒ වන තෙක් ඉශ්රායෙල් ගෝත්‍ර අතරේ ඔවුන්ට උරුමයක් ලැබී නොතිබුණ නිසා ය. Sinhala New Revised Version 2018 ඒ කාලයේ ඉශ්රායෙල්හි රජ කෙනෙක් නොසිටියේ ය. තවද, ඒ දවස්වල දී දාන් ගෝත්‍රය තමන්ට වාසය කිරීම පිණිස ප්‍රදේශයක් සෙව්වෝ ය. එසේ කෙළේ, ඒ දවසේ ඒ වන තෙක් ඉශ්රායෙල් ගෝත්‍ර අතරේ ඔවුන්ට උරුමයක් ලැබී නොතිබුණ නිසා ය. |
එවිට මීකා: ලෙවීයයෙකු මට පූජකකමට සිටින නිසා ස්වාමීන්වහන්සේ මට යහපත කරනසේකැයි දැන් දනිමියි කීවේය.
ඒ දවස්වල ඉශ්‍රායෙල්හි රජෙක් නොසිටියේය. එක් එක්කෙනා තම තමාගේ ඇස් හමුවෙහි හරිව තිබුණුදේ කෙළේය.
තවද ඉශ්‍රායෙල්හි රජෙක් නොසිටිය ඒ දවස්වලදී එප්‍රායිම් කඳු රටේ එහා පැත්තේ එක්තරා ලෙවීයයෙක් වාසයකෙළේය. ඔහු වනාහි යුදයේ බෙත්-ලෙහෙමෙන් උප භාර්යාවක් පාවාගත්තේය,
ඒ දවස්වල ඉශ්‍රායෙල්හි රජෙක් නොසිටියේය. එක් එක් මනුෂ්‍ය තෙමේ තම තමාගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය.