ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 17:1 - Sinhala Revised Old Version

එප්‍රායිම් කඳු රටේ මීකා නම් මනුෂ්‍යයෙක් සිටියේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එප්‍රායිම් කඳු රටේ මීකා නම් මිනිසෙක් සිටියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එප්‍රායිම් කඳු රටේ මීකා නම් මිනිසෙක් සිටියේ ය.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 17:1
11 හුවමාරු යොමු  

ඔවුන්ගේ නාම මේය: එප්‍රායිම් කඳු රටේ සිටිය බෙන්-හූර්ය.


සීමාව කන්ද මුදුනේ සිට නෙප්තෝවාහි දිය උල්පත ළඟට වැටී, එතනින් එප්‍රොන් කන්දේ නුවරවල් දක්වා ගියේය; එතනින් සීමාව කිරියත්-යෙයාරීම් වන බාලාට ගොස්,


මිනීමරන අය උදෙසා නියමකළ ආරක්ෂා නුවරක්වූ ෂෙකෙම් සහ එහි පිට-බිම්ද ගෙසෙර් සහ එහි පිට-බිම්ද,


ඔව්හු එප්‍රායිම් කඳු රටේ ගායෂ් කන්දට උතුරෙන් තිබෙන තිම්නාත්-සෙරා නම්වූ ඔහුගේ උරුම පළාතෙහි ඔහු තැන්පත්කළාහ.


අබිමෙලෙක්ට පසුව ඉස්සාඛර්හි මනුෂ්‍යයෙක්වූ දෝදෝගේ පුත්‍රයා වන පූවාගේ පුත්‍රවූ තෝලා ඉශ්‍රායෙල් ගළවන්ට නැගුටුණේය; ඔහු එප්‍රායිම් කඳුරටෙහි වූ ෂාමීර්හි වාසය කෙළේය.


එවිට ඔහුගේ සහෝදරයෝද ඔහුගේ පියාගේ මුළු පවුලද ගොස් ඔහු ගෙනැවිත් ශොරාද එෂ්තායොල්ද අතරේ තිබෙන ඔහුගේ පියවූ මානෝවාගේ සොහොන්පෙළ් තැන්පත්කළෝය. ඔහු විසි අවුරුද්දක් ඉශ්‍රායෙල්වරුන් විනිශ්චය කෙළේය.


ඔහු තමාගේ මවුට කථාකොට: නුඹෙන් ගන්නා ලද්දාවූ, නුඹ ශාපකර මා ඉදිරියෙහි මතක්කළාවූ රිදී එකොළොස් සියය මා ළඟ තිබේ; ඒවා ගත්තේ මමයයි කීවේය. ඔහුගේ මවුද: මාගේ පුත්‍රයාට ස්වාමීන්වහන්සේගෙන් ආශීර්වාද වේවයි කීවාය.


ඔව්හු එතැනින් එප්‍රායිම් කඳු රටට ගොස් මීකාගේ ගේ ළඟට පැමුණුණෝය.


දාන් පුත්‍රයෝ දේශය සෝදිසිකර බලා විභාගකරන පිණිස තමුන්ගේ මුළු ගණනෙන් තමුන්ගේ පෙළපතේ වික්‍රමාන්විත මනුෂ්‍යයන් පස් දෙනෙක් ශොරාද එෂ්තායොල්ද සිට යවමින්: නුඹලා ගොස් දේශය විභාගකරන්නැයි ඔවුන්ට කීවෝය. ඔව්හු එප්‍රායිම් කඳු රටේ මීකාගේ ගෙට අවුත් එහි නවාතැන් ගත්තෝය.


ඔහු ඇවිත් එප්‍රායිම් කඳු රටේදී හොරණෑවක් පිම්බේය, එවිට ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔහු සමඟ කඳුරටෙන් බැස ගියෝය. ඔහු ඔවුන්ට පෙරටුවෙන් ගොස්,