විනිශ්චයකාරයෝ 13:9 - Sinhala Revised Old Version දෙවියන්වහන්සේ මානෝවාගේ හඬට ඇහුම්කන්දුන්සේක; දේවදූතයා ඒ ස්ත්‍රීය කෙතේ ඉන්දැද්දී නැවත ඈ ළඟට ආයේය. නුමුත් ඇගේ පුරුෂයාවූ මානෝවා ඈ ළඟ නොසිටියේය. Sinhala New Revised Version දෙවියන් වහන්සේ මානෝවාගේ කන්නලව්වට ඇහුම්කන් දුන් සේක. දේව දූතයා ඒ ස්ත්‍රිය කෙතේ සිටිය දී යළිත් ඈ ළඟට පැමිණියේ ය. එහෙත්, ඇගේ පුරුෂයා වන මානෝවා ඈ ළඟ නොසිටියේ ය. Sinhala New Revised Version 2018 දෙවියන් වහන්සේ මානෝවාගේ කන්නලව්වට ඇහුම්කන් දුන් සේක. දේව දූතයා ඒ ස්ත්‍රිය කෙතේ සිටිය දී යළිත් ඈ ළඟට පැමිණියේ ය. එහෙත්, ඇගේ පුරුෂයා වන මානෝවා ඈ ළඟ නොසිටියේ ය. |
ස්ත්‍රීද ඉක්මනින් දුව ගොස්: මෙන්න එදා මා ළඟට ආ මනුෂ්‍යයා මට දැන් පෙනුණේය කියා ඇගේ පුරුෂයාට දැන්නුවාය.
එවිට මානෝවා ස්වාමීන්වහන්සේට කන්නලව්කරමින්: අහෝ ස්වාමීන්වහන්ස, ඔබ විසින් එවනලද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා නැවත අප ළඟට ඇවිත්, උපදින්නාවූ දරුවාට අප විසින් කළයුතු දේ අපට උගන්වාවයි කීවේය.